නවසීලන්තයේ වීසා සඳහා අලුත් සුදුසුකමක්

තරබාරු දකුණු අප්‍රිකානු ජාතිකයකු නවසීලන්තයේ වාසයට සුදුසු නොවන බව නවසීලන්ත බලධාරීන් විසින් තීරණය කරනු ලැබ ඇතැයි වාර්තා වෙයි.
එම අභියෝගයට මුහුණ දී සිටින්නේ ඇල්බට් බූටෙන්හස් (Albert Buitenhuis) නම් දකුණු අප්‍රිකානු සම්භවයක් සහිත අරක්කැමියෙක්.
කිලෝ ග්‍රෑම් එකසිය තිහක් බර ඇල්බට් බූටෙන්හස් සහ ඔහුගේ බිරිඳ ඔවුන්ගේ රැකියා වීසා බලපත් යළි දීර්ඝ කරන මෙන් ඉල්ලමින් අවශ්‍ය අයදුම්පත් යොමුකර තිබුන අතර,නවසීලන්ත බලධාරීන් ඒවා ප්‍රතික්ෂේප කරමින් කියා තිබෙන්නේ, ඇල්බට්ගේ තරබාරු සිරුර හේතුවෙන් ඔහු එරට වාසයට සුදුසු නොවන බවයි.
ඇල්බට් ඉදිරි කාලයෙහි සෞඛ්‍යය ප්‍රශ්න රාශියකට මුහුණ දීමේ තත්වයක පසු වෙන හෙයින් , එය රටේ මහජන සේවාවන්ට අහිතකර බැලපෑමක් අතිකෙරෙන බවයි, නවසීලන්ත බලධාරීන්ගේ නිගමනය වී තිබෙන්නේ.
අරක්කැමියකු වන ඇල්බට් බූටෙන්හස් පසුගිය අවුරුදුවල ඔහුගේ සිරුරේ බර අඩු කර ගෙන ඇති හෙයින්,ඔවුන්ගේ වීසා අයදුම්පත් පිළිබඳව යළි සලකා බලන මෙන් ඉල්ලා සිටිමින් නවසීලන්ත සංක්‍රමණික කටයුතු භාර ඇමතිවරයා වෙත අභියාචනයක් ඉදිරිපත් කර ඇති බවයි වාර්තා වන්නේ.
ඇමෙරිකා එක්සත් ජනපදය සහ මෙක්සිකෝව ලඟට තරබාරුභාවය බරපතළ ප්‍රශ්නයක් වී ඇති රට නවසීලන්තය යයි මෑත දී නිකුත් කෙරුණ OECD වාර්තාවකින් පෙන්වා දෙන ලැබ තිබුණි.




