බුදු උපත පිලිබඳ නව තොරතුරු ලුම්බිණියෙන්

බුදුන් වහන්සේ උත්පත්තිය ලැබූ දකුණු නේපාලයේ ලුම්බිණිය ප්‍රදේශයේ කළ කැනීම් වලින් සියවස් කීපයක් පැරණි පන්සලක් සහ ගමක් හොයා ගැනීමට අන්තර්ජාතික ගවේෂණ කණ්ඩායමක් සමත්වී තිබේ.

මායාදේවි පන්සලේ දර්ශනයක්
ඡායාරූප ශීර්ෂ වැකිය, දකුණු නේපාලයේ ලුම්බිණිය ප්‍රදේශයෙන් සියවස් කීපයක් පැරණි පන්සලක් සහ ගමක් හමුවේ
බුදුන්වහන්සේ උත්පත්තිය ලැබූ දකුණු නේපාලයේ ලුම්බිණිය
ඡායාරූප ශීර්ෂ වැකිය, නව සොයාගැනීම් ක්‍රි. පූ. 1300-700 දක්වා කාලයට අයත් බව කැනීම් සිදුකල විශේෂඥයෝ විශ්වාස කරති
 මායාදේවි පන්සල තුල පුරා විද්‍යා කැනීම්
ඡායාරූප ශීර්ෂ වැකිය, නව සොයා ගැනීම් වලට අනුව මායාදේවි පන්සල නිර්මාණය කර ඇත්තේ අශෝක අධිරාජයා එම ප්‍රදේශයට පැමිණීමටත් පෙර කාලයේදීයි. එනම් ක්‍රි. පූ. 249ට පෙරයි
මායාදේවි පන්සල අසල තිබෙන පැරණි ආශ්‍රමයක නටඹුන්
ඡායාරූප ශීර්ෂ වැකිය, පන්සලත් ගමත් අශෝක අධිරාජයාගේ කාලයේදී එනම් ක්‍රි.පූ. තුන්වන ශතවර්ෂයේ නිර්මාණය වුන බවට මතයක් ද පැවතුණි
මායා දේවියස්නානය කලේ යයි විශ්වාස කරන ශාක්‍ය පොකුණ
ඡායාරූප ශීර්ෂ වැකිය, UNESCO ව්‍යාපෘතියේ ගවේෂකයන් විසින් අශෝක යුගයට පෙර යයි විශ්වාස කරන ගඩොලින් ඉදි කල පන්සලක් ද සොයා ගැනින. දැව වලින් සදා තිබු පන්සල මත මෙය සදා තිබුණි
ලුම්බිණිය පිහිටා තිබෙන්නේ, නේපාලයේ රුපන්දෙහි දිස්ත්‍රික්කයේයි
ඡායාරූප ශීර්ෂ වැකිය, සිදුහත් කුමරු ඉපදුන බවට විශ්වාශ කරන ස්ථානය, මායාදේවි පන්සල තුල ගලකින් සටහන් වේ.
පැරණි ආශ්‍රමයේ නටබුන්
ඡායාරූප ශීර්ෂ වැකිය, පුරා විද්‍යාත්මක වටිනා කමක් ඇති ස්මාරක කීපයක නටබුන්ද මෙම ප්‍රදේශයේ තිබී හමුවිය
ලුම්බිනියෙන් හමුවු පැරණි ආශ්‍රමයක ශාක්‍යා පොකුණේ සහ පීපාල් ගසේ නටබුන්
ඡායාරූප ශීර්ෂ වැකිය, අන්තර් ජාතික කැනීම් කටයුතු සිදු කරනු ලැබූ අය අතර බ්‍රිතාන්‍යයේ ඩරම් විශ්ව විද්‍යාලයේ මහාචාර්ය රොබින් කොනිංහම්, නේපාලයේ විශේෂඥ කොෂ් ප්‍රසාද් ආචාර්යා ද සිටි