ඇමෙරිකානු රහස් හෙළි කළ ස්නෝඩන් යලිත් පලා යයි

එක්සත් ජනපද රහස් ඔත්තු සේවයේ තොරතුරු විශ්ලේෂකයෙකු ලෙස කටයුතු කළ එඩ්වර්ඩ් ස්නෝඩන්, හොංකොං රාජ්‍යයට පලා ගොස් සිටි අතර ඔහු නැවත භාර දෙන ලෙස එක්සත් ජනපදය ඉල්ලීමක් කර තිබිණ.
නමුත් හොංකොං බලධාරීන් කියා සිටින්නේ ඔහු ස්වේච්ඡාවෙන්ම නීත්‍යානුකුල ලෙස වෙනත් රටකට යාම සඳහා ගුවන් ගතවූ බවයි.
හොං කොං නීතියට අනුව, ඉහත කී පුද්ගලයා අත්අඩංගුවට ගැනීමට එක්සත් ජනපදය ඉදිරිපත් කර ඇති ලියකියවිලි ප්‍රමාණවත් නොවන බවයි එරට බලධාරීන් තවදුරටත් කියා සිටියේ.
චීනයේ පුවත් පතක් වාර්තා කර තිබුනේ එඩ්වර්ඩ් ස්නෝඩන් රුසියාව බලා යන ගුවන් යානයකට ගොඩ වූ අතර ඔහුගේ ගමනාන්තය ඉක්වදෝරය හෝ අයිස්ලන්තය විය හැකි බවයි.




