
මිය යන විට හියුගෝ චාවේස් පනස් අට වැනි වියේ පසු විය.
පිළිකා රෝගයට ප්‍රතිකාර ගැනීම සඳහා ජනාධිපති හියුගෝ චාවේස් කියුබාවට ගොස් සිටි අතර මීට සති කිහිපයකට පෙර ඔහු වෙනිසියුලාවට ආපසු පැමිණියේය.
අභාවප්‍රාප්ත ජනාධිපති හියුගෝ චාවේෂ්ට ගරු කිරීමක් වශයෙන් වෙනිසියුලාව පුරා කොඩි අඩකුඹු කොට ඇත.
.පණස් අටවැනි වියේදී පිළිකා රෝගයට ගොදුරුව දිවියෙන් සමුගත් නායකයාට උපහාර පිණිස දින හතක ජාතික ශෝක කාලයක් ප්‍රකාශයට පත්කරනු ලැබ ඇති අතර,රටපුරා හමුදා කඳවුරු ආචාර වෙඩිමුර විසි එක බැගින් පැවැත්වුහ.
.අභාවප්‍රාප්ත නායකයාගේ දේහය අද "කරකාස්" අගනුවර යුද හමුදා ඇකඩමිය කරා ගෙනෙන අතර ,එය සිකුරාදා පැවැත්වෙන රාජ්‍ය අවමඟුල් උළෙල තෙක් එහි තැන්පත් කර තබනු ලැබීමට නියමිතයි
.එම අවමඟුල් උළෙල වෙනුවෙන් දහස් සංඛ්‍යාත ජනකායක් මහමග දෙපස රැස්වනු ඇතැයි බලාපොරොත්තු පල වී ඇත. .ජනාධිපති චාවේෂ් විසින් අනුගමනය කරන ලද සමාජවාදී ප්‍රතිසංස්කරණ දුප්පත් ජනතාව අතර ජනප්‍රිය වුනත්,මධ්‍යම පන්තික ඇතැම් කණ්ඩායම් ඔහුගෙන් ඈත් වුහ.වෙනිසියුලාවේ මී ළඟ රාජ්‍ය නායකයා තෝරා පත්කර ගනු ලැබීමේ මැතිවරණය දවස් තිහක් ඇතුළත කැඳවිය යුතුව ඇත.

අවසන් ගෞරවය දැක්වීම
අභාවප්‍රාප්ත ජනාධිපති හියුගෝ චාවේෂ්ට අවසන් ගෞරවය දැක්වීම සඳහා ලතින් ඇමෙරිකානු රටවල ජනාධිපතිවරුන් වෙනිසියුලාවට ලඟා වෙමින් සිටින ඇති බවයි වාර්තා වන්නේ.
ආර්ජන්ටිනා ජනාධිපතිනි,ක්‍රිස්තිනා ෆෙර්නන්දේෂ් ඩි කර්ච්නර් දැනටමත් එහි ළඟා වී ඇත.
ජීවිතයෙන් සමුගත් සිය මිතුරු රාජ්‍ය නායකයාට උපහාර පිණිස ආර්ජන්ටිනාව,එක්වදෝර් සහ කියුබාව දින කීපයක ජාතික ශෝක කාලයක් ප්‍රකාශයට පත් කළහ.
චාවෙෂ්ගේ අභාවය වෙනුවෙන් සංවේගයට පත්ව සිටින කියුබාවේ හිටපු ජනාධිපති, ෆිදෙල් කස්ත්‍රෝ අදහස් දක්වමින් , තම පුත්‍රයකුගේ අභාවයකදී මෙන් තමා බලවත් ශෝකයෙන් පසුවෙන බවයි කියා සිටියේ.
චාවෙෂ්ගේ "කරකාස්" පාලනයත් සමඟ ගැටුම්කාරී සම්බන්ධතාවයක් සහිත ඇමෙරිකා එක්සත් ජනපදයේ ජනාධිපති බරක් ඔබාමා ප්‍රකාශයක් කරමින්,වෙනිසියුලානු ජනතාවට එක්සත් ජනපදයේ සහයෝගය ලැබෙන බව යළි සහතික කළේය.
රුසියාවේ ජනාධිපති ව්ලදිමීර් පුතින්,ජනාධිපති හියුගෝ චාවේෂ් අගය කරන ලද්දේ, නිතරම ඉහළම ඉලක්කයක් සහිතව ක්‍රියාත්මක වූ බලවත් නායකයකු හැටියට විග්‍රහ කරමින්.
හියුගෝ චාවේෂ් දේශප්‍රේමියකු හැටියට හඳුන්වා දුන් ඉරාන ජනාධිපති,මහමුද් අහමදිනේජාඩ්, ඔහු තම ජනතාවට සේවය කිරීමට කැප වී සිටි බවයි කියා සිටියේ.












