ටිබෙට් හිමි නමකට චීනයේ මරණ දඬුවම

අවසාන යාවත්කාලීන කිරීම :  2013 ජනවාරි 31 බ්‍රහස්පතින්දා - 14:17 GMT

ටිබෙට් භික්ෂුන් වහන්සේ දෙදෙනකු සිරුරට ගිනි තබාගෙන මියයාම සම්බන්ධයෙන් විභාග කළ චීන අධිකරණයක් ටිබෙට් ජාතිකයන් දෙදෙනකු මිනීමැරීමට වරද කරුවන් බවට තීන්දු කරයි.

එරට රාජ්‍ය මාධ්‍ය වාර්තා කොට ඇති ආකාරයට, සිචුවාන් ප්‍රාන්ත අධිකරණයක් ප්‍රකාශ කළේ ටිබෙට් දේශයේ චීන පාලනයට විරෝධය පා ගිනි තබා ගන්නා ලෙස ටිබෙට් භික්ෂුන් වහන්සේ නමක් වන ලොරාන්ග් කොන්චොක් (Lorang Konchok) හා ඔහුගේ බෑනණුවන් වන ලොරාන්ග් චෙරින් (Lorang Tsering) පුද්ගලයන් අට දෙනකු පොළඹවා ලූ බවයි.

ලොරාන්ග් කොන්චොක් (Lorang Konchok) හට දෑවුරුද්දක අත් හිටවූ මරණ දඬුවමක් පැනවූ අධිකරණය ලොරාන්ග් චෙරින් (Lorang Tsering) හට දස වසරක සිර දඬුවමක් නියම කොට තිබේ

BBC © 2014බීබීසී නොවන වෙබ් අඩවිවල අන්තර්ගතය පිළිබඳව බීබීසීය වගකීමෙන් නොබැඳේ

මෙම වෙබ් අඩවිය හොඳින්ම කියවිය හැක්කේ style sheets (CSS) ක්‍රියාත්මක කොට තිබෙන අලුත්ම වෙබ් බ්‍රවුසරයක් හරහාය. ඔබේ වත්මන් වෙබ් බ්‍රවුසරය මඟින් ඔබට මේ වෙබ් අඩවිය කියවිය හැකිමුත් එහි අඩංගු සියලු අංග පැහැදිලිව නැරඹීමට ඔබට අවස්ථාව නොලැබෙනු ඇත. ඔබේ වෙබ් බ්‍රවුසරයේ මෘදුකාංග යාවත්කාලින කිරීම හෝ ඔබට හැකිනම් style sheets (CSS) ක්‍රියාත්මක කිරීම පිළිබඳව සලකා බලන්න.

]]>