
ඉන්දියාවේ දිල්ලි නුවර ස්ත්‍රී දූෂණ නඩුවේ ඇතැම් චුදිතයන්ට පොලීසිය වධ හිංසා පමුණුවා බලහත්කාරයෙන් පාපොච්චාරණ ලබාගෙන ඇතැයි විත්තිකරුවකු වෙනුවෙන් පෙනී සිටීමට අපේක්ෂා කරන නීතිඥයෙක් චෝදනා කර ඇත.
නීතිඥ මනෝහර් ලාල් ශර්මා කියා සිටින්නේ සැකකරුවන්ට පහර දී මහජන කෝපය සමනය කරන අපේක්ෂාවෙන් සාක්ෂි හසුරුවා ඇති බවයි.
විශාල ආන්දෝලනයක්
විසිතුන් හැවිරිදි වෛද්‍ය ශිෂ්‍යාවක් දූෂණය කොට මරා දැමීමේ චෝදනා යටතේ සැකකරුවන් පස් දෙනෙක් බ්‍රහස්පතින්දා යළිත් අධිකරණය හමුවට ඉදිරිපත් කරනු ලැබිණ.
අධිකරණ බලධාරීන් පවසන්නේ විවෘත නොවූ අධිකරණයක් ඉදිරියේ නඩුව කඩිනමින් විභාග කැරෙන බවයි.
දෙසැම්බරයේ සිදුවූ මෙම අපරාධය ලොව පුරා විශාල ආන්දෝලනයක් ඇති වීමට හේතු විය.












