
ජිනීවා ප්‍රඥප්තිය උල්ලංඝනය කොට ඇතැයි ජාත්‍යන්තර ආධාර සංවිධානයක් ඇෆ්ගනිස්තානයේ නේටෝ හමුදා වලට චෝදනා නගයි.
වෛද්‍ය මධ්‍යස්ථානයක් තුන් දිනක් තිස්සේ අල්ලා ගෙන සිටිමින් ජිනීවා ප්‍රඥප්තිය උල්ලංඝනය කොට ඇති බවයි, ඇෆ්ගනිස්තානය සඳහා වන ස්වීඩන කමිටුව නම් සංවිධානය, ඇෆ්ගනිස්තානයේ නේටෝ අණින් ක්‍රියාත්මක වන හමුදා වලට නගන්නේ.
ඇෆ්ගනිස්තානය සඳහා වන ස්වීඩන කමිටුව පවසන්නේ ඔක්තෝබර් මාසයේ රාත්‍රියක සන්නද්ධ සේනා, මධ්‍යස්ථානයට ගොඩ බෑම සමගින් වෛද්‍ය කාර්ය මණ්ඩලයට පලා යන්නට සිදු වූ බවයි.
දින තුන පුරාම අවි ගැටුම් පැවැතියදී, සිරකරුවන් රඳවා ගෙන සිටි අතර ප්‍රදේශ වාසීන්ට වෛද්‍ය පහසු කම් ලබා ගත නොහැකිව ගිය බවත් එම ආධාර සංවිධානය චෝදනා කරයි.
නේටෝ අණසක යටතේ මෙහෙයැවෙන නේටෝ හමුදා ප්‍රකාශිකාවක් කියා සිටියේ චෝදනා පිළිබඳව පරීක්ෂණයක් පැවැත්වෙන බවයි.

මේ අතර, මානව අයිතිවාසිකම් පිලිබඳ ඉන්දීය පාලිත කාශ්මීරයේ මුල් පෙලේ සංවිධානයක් එළි දක්වා ඇති අලුත්ම වාර්තාවකින් මානව හිමිකම් උල්ලංඝනය කළ බවට ඉන්දීය යුද හමුදාවේ පන්සියයකට වැඩි සංඛ්‍යාවක් නම් කොට තිබේ.
වෙඩි තැබීම් , ලිංගික දුෂණ, වද හිංසා පැමිණවීම හා පැහැරගෙන යාම් ඇතුළු අපරාධ සම්බන්ධයෙන් අතුරුදහන් වුවන්ගේ මාපිය සංවිධානයේ චෝදනා එල්ලවන්නන් අතර ඉහලම පෙලේ නිලධාරීන්ද වෙයි.
වාර්තාවේ සංස්කාරකවරුන් පවසන්නේ තොරතුරු දැන ගැනීමේ අණ පනත් යටතේ ලබා ගත් නිල දත්ත මෙම චෝදනා වලට පදනම් වූ බවයි.
වාර්තාව පිළිබඳව දැනුවත් භාවයක් නැතැයි කී ඉන්දීය හමුදා ප්‍රකාශකයෙක් ප්‍රකාශ කළේ එය කියවීමෙන් අනතුරුව ප්‍රතිචාර දක්වන බවයි.












