රෝහින්ග්‍යා (Rohingya) සංක්‍රමණික මුස්ලිම් ප්‍රජාවද ඇතුළත්වන මට්ටමින් පුරවැසිභාවය ප්‍රදානයට අදාළ නව නීති සම්පාදනයට බුරුමය පියවර ගැනීමට යයි.
පසුගියදා බුරුමයේ සිදුවු ආගම්වාදී ගැටුම්වලට මැදිවුනේ රෝහින්ග්‍යා මුස්ලිම් ප්‍රජාවයි.
බුරුම ජනාධිපති තේන් සේන් (Thein Sein) විසින් එක්සත් ජාතීන්ගේ සංවිධානයට යවා ඇති ලිපියකින් උපුටා ගෙන ඇති වගන්ති වලට අනුව, අලුතින් පුරවැසිභාවය පැවරෙන ජනතාව අතරට රෝහින්ග්‍යා මුස්ලිම් ප්‍රජාව කෙලින්ම ඇතුළත් කොට නැත.
බුරුම බලධාරීන් එම ප්‍රජාව සලකන්නේ අනවසර සංක්‍රමණික ජනතාවක් හැටියටයි.
එහෙත් එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් බුරුම ජනාධිපතිවරයා උපුටා දක්වනු ලැබ තිබෙන්නේ අවතැන්ව සිටින ජනයාට පුරවැසිභාවය පැවරීමේ පටන් යළි පදිංචි කිරීම තෙක් ප්‍රශ්න ගණනාවකට විසඳුම් දීමට ඔහුගේ ආණ්ඩුව සූදානම් බවක් ප්‍රකාශ කරන ලද ආකාරයටයි.
බුරුම ජනාධිපතිවරයාගේ ලිපිය එක්සත් ජාතීන් වෙත යොමුකරනු ලැබ තිබෙන්නේ ඇමෙරිකානු ජනාධිපති බරක් ඔබාමාගේ බුරුම සංචාරය ආරම්භ වීමට දින කීපයක් තිබියදී.












