පාකිස්තානය පාසල් නොයන දරුවන් දශ ලක්ෂ ගණනක් අධ්‍යාපනය සඳහා යොමුකර ගැනීමේ මෙහෙයුමක් ආරම්භ කරයි.
එවැනි වැඩ පිළිවෙලක් ආරම්භ කෙරුනේ තාලිබාන් ව්‍යාපාරය විසින් මලලා යූසුෆ්ශායි( Malala Yousafzai ) නම් පාකිස්තාන් පාසල් දැරියට තාලිබාන් ප්‍රහාරකයන් විසින් වෙඩි තබනු ලැබීමෙන් මාසයකට පසුව.
නව ව්‍යාපෘතිය යටතේ දරුවන් පාසල් යවන දෙමව්පියන්ට මුදල් පිරිනමන අතර පාසල්වලට නව පහසුකම් ලබා දෙනු ලැබේ.
තාලිබාන් ව්‍යාපාරය මලාලා දැරියට වෙඩි තැබුවේ ඇය කාන්තා අධ්‍යාපනය වෙනුවෙන් පෙනී සිටීමේ වරදට.
එම දැරියට ආධාර කිරීමේ එක්සත් ජාතීන්ගේ වැඩ පිළිවෙලත් සමඟයි, මුලින් කී පාකිස්තාන් පාසල් දරු අධ්‍යාපන ව්‍යාපෘතිය ප්‍රකාශයට පත් කෙරුනේ.
මේ වනවිට ලෝකය පුරා හය කෝටියකට අධික පාසල් නොයන දරුවන්ගේ අධ්‍යාපනය 2015 වන විට සහතික කර ගැනීම අධ්‍යාපනය භාර එක්සත් ජාතීන්ගේ නියෝජිත ගෝර්ඩන් බ්‍රවුන්ගේ ඉලක්කයයි.
හැම දරුවකුම පාසල් යැවීම සහතික කරන්නැයි , එක්සත් ජාතීන්ගේ සංවිධානය පාකිස්තාන් ආණ්ඩුවෙන් ඉල්ලා සිටිනවා.












