
ජනාධිපති පදවියේ සිටියදී සිදු කරන ලද මූල්‍ය අපචාර සම්බන්ධයෙන් ග්ලෝරියා අරෝයෝට එරෙහි ව ඉදිරිපත්ව ඇති තුන්වැනි නඩුවයි මේ
ආණ්ඩුවේ ලොතරැයි මුදල්වලින් ඩොලර් අනූ ලක්ෂයකට ආසන්න මුදලක් අනිසි ලෙස පාවිච්චි කර ඇති බවට චෝදනා ලබන පිලිපීනයේ හිටපු ජනාධිපතිනි ග්ලෝරියා අරෝයෝ උසාවිය ඉදිරියේ පෙනී සිටියාය.
හිටපු ජනාධිපතිවරිය අධිකරණය ඉදිරියේ ප්‍රකාශයක් කිරීම බැහැර කළෙන්, ඇය චෝදනාවලට නිවරදිකාරිය යයි ප්‍රකාශ කළ හැටියට ලේඛනගත කරන මෙන් උසාවිය නියෝග කළේය.
ජනාධිපති පදවියේ සිටියදී සිදු කරන ලද මූල්‍ය අපචාර සම්බන්ධයෙන් ග්ලෝරියා අරෝයෝට එරෙහිව ඉදිරිපත්ව ඇති තුන්වැනි නඩුවයි මේ.
සියළු චෝදනා බැහැරලන හිටපු පිලිපීන ජනාධිපතිවරිය,වත්මන් ජනාධිපති බෙනිනෝ අකිනෝ තමාට විරුද්ධව ජන්ම වෛරයකින් ක්‍රියා කරන බවයි කියා සිටින්නේ.
ග්ලෝරියා අරෝයෝ උසාවියට ගෙන ආ අවස්ථාවේ ඇගේ ආධාරකරුවෝ උද්ඝෝෂණ ව්‍යාපාරයක නිරතව සිටියහ.












