
රාජ්‍ය නිදහස් අධ්‍යාපනය සුරැකීම සහ වෙනත් ගුරු ගැටළු විසඳා ගැනීම සඳහා පෙළපාලියෙන් අධ්‍යාපන අමාත්‍යාංශය කරා ගිය ගුරුවරුන්ට හා විදුහල්පතිවරුන්ට සම්මුඛ සාකච්ජාවක් ලබා දීම අධ්‍යාපන ඇමති බන්දුල ගුණවර්ධන ප්‍රතික්ෂේප කල බව ගුරු සංගම් නායකයෝ ප්‍රකාශ කළහ.
වෙනත් කැබිනට් ඇමතිවරයකු සමඟ සාකච්ජා කිරීමට තමන් සුදානම් බවත් ප්‍රශ්න වලට නිසි පිළිතුරු නොලැබුනොත් දීප ව්‍යාප්ත වර්ජනයකට අවතීර්ණවන බවත් ලංකා ගුරු සංගමයේ සභාපති ජෝශප් ස්ටාලින් ප්‍රකාශ කළේය.
පාසල් මිලිටරි කරණය කිරීම වහාම නතර කල යුතු බවත් උද්ඝෝෂකයෝ කියා සිටියහ.












