
ප්‍රහාරක හෙලිකොප්ටර් යානා නියමුවෙකු ලෙස කටයුතු කරන හැරී කුමරු තාලිබාන්වරුන්ට එරෙහි යුධ මෙහෙයුම් සඳහා සහභාගී වීමටද නියමිතයි
බ්‍රිතාන්‍යයේ ඔටුන්න හිමි තුන් වැනියා වන හැරී කුමරු දෙවන වතාවටත් හමුදා සේවය සඳහා ඇෆ්ගනිස්ථානයට ගොස් සිටියි.
ප්‍රහාරක හෙලිකොප්ටර් යානා නියමුවෙකු ලෙස කටයුතු කරන ඔහු තාලිබාන් වරුන්ට එරෙහිව කරන යුධ මෙහෙයුම් සඳහා සහභාගී වීමටද නියමිතයි.
හැරී කුමරා ඇෆ්ගනිස්ථානයේ යුද සේවයේ නිරත වන බව ප්‍රසිද්ධ කිරීමට හමුදා නිලධාරීන් ගත් තීරණය, ඔහුට හෝ සහෝදර සෙබළුන්ගේ ජීවිත වලට අවදානමක් නොවන බවයි බලධාරීන් පවසන්නේ.
මීට පෙර හැරී කුමරා ඇෆ්ගනිස්ථානයේ හමුදා සේවයේ සිටින බව මාධ්‍ය මගින් හෙළි දරව් වීමත් සමග අනෙකුත් සෙබළුන්ගේ ජීවිත වලට ඇති තර්ජනය ඉහල ගිය බව පවසමින් කුමරා ආපසු බ්‍රිතාන්‍යට කැඳවීමට හමුදා නිලධාරීන් පියවර ගත්තේය.
පසුගියදා නිරුවත් ඡායා රූප ජනමාධ්‍යයේ පලවීම නිසා හැරී කුමරු ලෝක ජනතාවගේ විශාල අවධානයකට ලක් විය.
ඔහු ඇෆ්ගනිස්ථානයේ හමුදා සේවයට යෑම නිසා එම අවධානය වෙන අතකට යොමු වෙනු ඇති බවයි කාබුල් අගනුවර සිටින බීබීසී වාර්තාකරු පවසන්නේ.












