බාලි ප්‍රහාරකයාට විසි වසරක සිරදඬුවම්

බාලි දුපතේ බෝම්බ ප්‍රහාරය එල්ල කිරීමට මුල් වූ බවට චෝදනා ලබා සිටි පුද්ගලයාට වසර විස්සක සිරදඬුවම් නියම කිරීමට ඉන්දුනීසියානු අධිකරණයක් තීන්දු කොට තිබේ.
2002 වසරේ බාලි දුපතේ රාත්‍රී සමාජ ශාලා වලට එල්ල කෙරුණ බෝම්බ ප්‍රහාරයෙන් සංචාරකයන් ඇතුළු පුද්ගලයන් දෙසීයකට වැඩි පිරිසක් මරුමුවට පත් වුහ.
ප්‍රහාරය එල්ල කිරීම සඳහා මුල් වූ උමාර් පටෙක් බෝම්බ නිපදවීමට සහ මනුෂ්‍ය ඝාතනයන්ට වගකිවයුතු බවයි ඉන්දුනීසියානු විනිසුරු මඩුල්ලක් විසින් තීන්දු කළේ.

ඡායාරූප මූලාශ්‍රය, Reuters
දහ නවදෙනෙකුට මාරු කැඳවමින් ජකර්තා අගනුවර කිතුනු දේවස්ථාන වලට එල්ල කෙරුණ බෝම්බ ප්‍රහාරවලටද උමාර් පතෙක් වැරදිකරු බව අධිකරණය ප්‍රකාශ කළේය.
නඩු විභාගය අතර තුරදී තමා කළ වැරදි වලට උමාර් පතෙක් සමාව ඉල්ලා සිටි හෙයින් ඔහුට මරණිය දඬුවම පමුණුවන ලෙස ඉල්ලා සිටීමෙන් ඉන්දුනීසියානු නීතිපති දෙපාර්තුමේන්තුව වැලකී සිටියේය.




