හිටපු සර්බ් හමුදා ප්‍රධානි නඩු විභාගය අත්හිටුවයි

හිටපු බොස්නියානු සර්බ් හමුදා ප්‍රධානි රත්කෝ මිලදිච් ට එරෙහිව හේග් අන්තර් ජාතික අධිකරණයේ පැවැත්වෙන නඩු විභාගය අත්හිටුවා තිබේ.
පැමිණිල්ලේ නීතිඥයන් විත්ති පාර්ශවයට සාක්ෂි ලබාදීමේදී සිදු කර ඇති වැරදි පිලිබඳ සලකා බැලීමට විනිසුරුවන්ට තවත් කාලය ලබාදීම සඳහා නඩු විභාගය අත්හිට වූ බවයි විනිසුරුවරයා කියා සිටියේ.
පිටු 7000 කට අධික සාක්ෂි ලේඛන රත්කෝ මිලදිච් ගේ තිඥයන් වෙත ලබා දී නැති අතර එම සාක්ෂි සටහන් විත්තිය වෙත දිය යුතුව
තිබිණ.
මෙම සටහන් අධ්‍යයනය කිරීමට මාස හයක කාලයක් අවශ්‍ය බවයි විත්තියේ නීතිඥයන් පෙන්වා දුන්හ.
මෙය ලිපිකරුවන් අතින් සිදුවූ අතපසුවීමක් ලෙස පෙනී ගියත් නඩු විභාගය සැලකියයුතු කාලයකට කල් දමන ලෙස විනිශ්චකරුවන්ට දැඩි බලපෑමක් එල්ල වී ඇතැයි BBC වාර්තාකරු ප්‍රකාශ කළේය.
බොස්නියානු අර්බුද සමයේ මානව සංහතියට එරෙහි අපරාධ ඇතුළු යුධ අපරාද එකොළහක් කළ බවට රට්කෝ මිලදිච්ට චෝදනා එල්ල වී ඇති අතර ඔහු එම චෝදනා සියල්ල ප්‍රතික්ෂේප කොට සිටී.




