ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්‍රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
එක්සත් රාජධානිය සරණාගතයින්ට නවාතැන් දෙන යාත්‍රාව: 'ඒක හරියට බන්ධනාගාරයකට ඇතුළු වෙනවා වගේ'
එක්සත් රාජධානියේ වෙරළට ආසන්නව නැංඟුරම් ලා ඇති පුද්ගලයින් 500කට නවාතැන් දිය හැකි බාර්ජ් එකට රැගෙන ගිය පළමු කණ්ඩායමට අයත් සරණාගතභාවය පතන්නෙකු පවසන්නේ එය ඔහුට අල්කට්රාස් බන්ධනාගාරය සිහිපත් කරන බවයි.
කුප්‍රකට එක්සත් ජනපද බන්ධනාගාරය දුර්වල තත්ත්වයන් සඳහා කුප්‍රකට වන අතර ඉන් පැන යාමට නොහැකිය.
බ්‍රිතාන්‍ය රජය මෙම යාත්‍රාව සූදානම් කර ඇත්තේ ඩිංගි යාත්‍රා වලින් රට තුළට නීතිවිරෝධීව සංක්‍රමණිකයින් පැමිණීම වැළැක්වීම සඳහා ය.
නමුත් බීබීසී පර්සියානු සේවයට අදහස් දක්වමින් එම පුද්ගලයා කියා සිටියේ දැන් එහි වෙසෙන බොහෝ දෙනා බෝට්ටුවකින් නොව ගුවන් යානා වලින් බ්‍රිතාන්‍යයට පැමිණි පිරිස් බවයි. BBC පර්සියානු සොරාෂ් පාක්සඩ්ගේ වාර්තා කිරීමකි.