ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
චෞපඩී: කාන්තාවක් එවරස්ට් මත සිට නේපාල ඔසප් තහංචිවලට අභියෝග කරයි
කාන්තාවන්ට ඔවුන්ගේ ඔසප් සමය තුළ දී ඔවුන්ගේ නිවෙස්වලින් පිටත මඩුවල හුදකලාවීමට බලකෙරෙන සම්ප්‍රදායක් නේපාලයේ වෙයි. එය 'චෞපඩී' ලෙස හැඳින්වෙයි.
මෙම සම්ප්‍රදායට අභියෝග කරමින්, සමාජය ඔසප්වීම දෙස බලන ආකාරයේ වෙනසක් ඇති කිරීම වෙනුවෙන් ක්‍රියාකරනා බොහෝ දෙනාගෙන් කෙනෙකි, සංගීතා රෝකායා.
ඇය, චෞපඩී සම්ප්‍රදායේ හානිකර බලපෑම පිළිබඳව දැනුවත්භාවය පතුරවමින්, එය මුලිනුපුටා දැමීමේ පණිවුඩයක් ද සමගින් සාර්ථකව එවරස්ට් කන්ද තරණය කළා ය.