ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්‍රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
හජ් වන්දනාව:තම සිහිනය සැබෑ කර ගැනීමට පකිස්තානයේ සිට මක්කමට පාගමනින් ගිය ශිෂ්‍යයෙක්
කුඩයක් සහ ගමන් මල්ලක් පමණක් රැගෙන මක්කම කරා පාගමනින් යාමේ සිහිනයක් සැබෑ කර ගැනීමට පකිස්තාන ශිෂ්‍යයෙකු කිලෝමීටර් 4000ක් ගමන් කර තිබේ.
සිය උපන් බිම වූ පකිස්තානයේ ඔකාරා සිට ශුද්ධ වූ මක්කම කරා ළඟා වීමට උස්මාන් අර්ෂාඩ් පකිස්තානය හරහා ඉරානය, එක්සත් අරාබි එමීර් රාජ්‍යය සෞදි අරාබිය පසු කරමින් මාස හයක ගමන නිමා කළේය.