රාමදාන් මාසයේ ඔසප් අභියෝගයන් ගැන කතා කිරීම ඇතැම් කාන්තාවන්ට තවමත් තහංචි මාතෘකාවක්ද ?
ෆාතිමා අක්ලාක් පාකිස්ථාන වැසියෙකු වන අතර, රාමදාන් සමයේ දී ඔසප්වීම සිදුවනබව සඟවන්නටවීමෙන් ඇය වෙහෙසට පත්ව සිටියි.
මෙම පූජනීය මාසය තුළ දී බොහෝ ඉස්ලාමිකයින් හිරු නැගීමේ සිට බැසීම දක්වා කිසිදු ආහාරපානයක් නොගනිතත්, ඔබේ ඔසප්වීම මෙම කාලසීමාව අතරට වැටුණහොත් උපවාසයෙන් වැළකීමට ඔබට හැකි ය.
ෆාතිමා සහ තවත් බොහෝ කාන්තාවෝ, රාමසාන් සමයේ දී ඔසප් සිදුවීමේ අභියෝගයන් ද, එය තවමත් බොහෝදෙනාට තහංචි මාතෘකාවක් වන ආකාරය ද ගැන සාකච්ඡා කිරීමට සමාජ මාධ්‍ය වෙත පැමිණෙමින් සිටිති.


