කාන්දම් මිනිසා : සිය පවුල ජීවත් කරවීමට යකඩ එකතු කර විකුණන බංග්ලාදේශ ජාතිකයා

වීඩියෝ ශීර්ෂ වැකිය, ගං පතුලෙන් යකඩ එක්රැස් කර ජීවිතය ගැට ගසා ගන්නා ‘කාන්දම් මිනිසා’

ගංගුලි සර්කාර් වසර 35කට ආසන්න කාලයක් තිස්සේ බංග්ලාදේශයේ ඩකා නුවර පිහිටි බූරිගංගා නදියට කාන්දම් දමා යකඩ එකතු කරයි.

ගංගාවෙන් යකඩ රැගෙන යන මිනිසුන් දැකීමෙන් ඔහුට මේ පිළිබඳව පළමු වරට උනන්දුවක් ඇති වී තිබේ.

ඔහු දැන් සෑම දිනක ම ගං පතුලෙන් යකඩ කිලෝග්‍රෑම් 5ත් 10ත් අතර ප්‍රමාණයක් එකතු කර ගනී.