ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
‘නපුරු මිනිසුන් වෙනුවෙන් මා නැටුවත් මගේ දුව එසේ නොකරාවි’
කාන්තාවන් ඉදිරිපත් කරන කාමුක නැටුම් බැලීම සඳහා පිරිමින් යන නර්තන ශාලා කිහිපයක් ඉන්දියාවේ ජැම්කෙඩ් නගරයේ තිබේ.
එම නැටුම්වල නිරත වීමෙන් එම කාන්තාවන්ට සිය පවුල්වලට යැපීම සඳහා යමක් ලැබුණ ද, ඔවුන් නිරන්තරයෙන් ලිංගික අපයෝජනයන්ට ගොදුරු වන අතර, ඇතැම් විට ඔවුන්ගේ දිළිඳුකම ඔවුන්ව ලිංගික සේවාවලට ද ඇද දමයි.
මෙම ජීවන රටාව නිසා සිය දරුවන්ට වන බලපෑම් පිළිබඳව බොහෝ දෙනෙකු පසුවන්නේ දොම්නසිනි.
සිය දරුවන්ට වඩා යහපත් ජීවිතයක් ලබා දීමට අපේක්ෂා කරන කාන්තාවන් පිරිසක් සමග කතාබහ කිරීමට ඉන්දියාවේ ප්‍රාදේශීය පුවත් සේවාවක් වන Baimanus සමග එක්ව BBC මරාති සේවයට හැකි විය.