ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්‍රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
මිනිස් මොළ 10,000ක් ඇතුළත් ඩෙන්මාර්කයේ මොළ එකතුව
ඩෙන්මාර්කය පුරා මනෝචිකිත්සක ආයතනවල 1980 දශකය දක්වා දශක හතරක කාලයක් තුළ මිය ගිය සහ එම රෝගීන්ගේ අනුමැතියකින් තොරව එකතු කරන ලද මිනිස් මොළ 10,000 කට ආසන්න ප්‍රමාණයක් දකුණු ඩෙන්මාර්ක විශ්ව විද්‍යාලය සතුව ඇත.
ලොව විශාලතම මොළ එකතුව මෙය යැයි විශ්වාස කෙරේ. 1990 ගණන්වලදී ඩෙන්මාර්ක ආචාර ධර්ම කවුන්සිලය විසින් මොළය පර්යේෂණ සඳහා භාවිතා කළ හැකි බව තීරණය කළේය.
විශේෂඥයින් පවසන්නේ වසර ගණනාවක් පුරා ඩිමෙන්ශියාව සහ මානසික පීඩනය ඇතුළු බොහෝ රෝග අධ්‍යයනය කිරීමට මෙම එකතුව උපකාරී වී ඇති බවය.