ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්‍රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
මත්ද්‍රව්‍ය කල්ලි නායක එස්කොබාගේ හිපෝ සතුන් රටින් පිටකරන්න ඩොලර් මිලියන 3.5ක්
හිපපොටේමස් සතුන් 70 දෙනෙකු විදේශ අභයභූමි වෙත ගෙනයෑමේ සැලසුමක් සඳහා ඩොලර් මිලියන 3.5ක් වැයවනබව කොලොම්බියාව පවසයි.
1993 දී පොලිස් වෙඩි පහරින් මියගිය මත්ද්‍රව්‍ය ජාවාරම්කරු පැබ්ලෝ එස්කොබා 1980 දශකයේ දී හිපපොටේමස් ඇතුළු විදේශීය සතුන් නීතිවිරෝධීව කොලොම්බියාවට ආනයනය කළේ ය.
ඔහුගේ මරණයෙන් පසු හිපෝ සතුන් නිදහසේ සැරිසැරූ අතර, එස්කොබාගේ පැරණි ගොවිපොළ අවට ගම්බද ප්‍රදේශ උන් විසින් අත්පත්කර ගෙන තිබේ. උන්ගේ ගහණය වැඩිවෙමින් පවතින අතර, අප්‍රිකාවෙන් පිටත විශාලතම හිපෝ රංචුව ලෙස ද එය සැලකෙයි.
මීළඟ මාස කිහිපය තුළ දී එම හිපෝ සතුන්ගෙන් 10 දෙනෙකු මෙක්සිකෝවටත්, 60 දෙනෙකු ඉන්දියාවටත් යැවීමට නියමිතබව බලධාරීහු පවසති.