අඳභාවයට මුහුණදෙන්නන්ට බොරු බලාපොරොත්තු දෙන වෛද්‍යවරු
බීබීසී පුවත් අරාබි සේවය විසින් සිදුකෙරුණු විමර්ශනයක් මඟින්, මිලියන ගණනක් ජනයාට බලපාන ජානමය අක්ෂි රෝගයක් සඳහා ව්‍යාජ මෙන්ම භයානක ප්‍රතිකාර ලබාදෙන රුසියානු, එක්සත් ජනපද සහ මැද පෙරදිග සායන ඇතිබව හෙළිවී තිබේ.
අවසානයේ අඳභාවය ඇති කළ හැකි 'රෙටිනයිටිස් පිග්මෙන්ටෝසා' නම් රෝගය සඳහා ප්‍රතිකාර කිරීමට මෙම සායනයන් පවුම් 16 000 දක්වා මුදලක් අය කරයි.


