ඉන්ස්ටග්‍රෑම් සහ ෆේස්බුක් වෙරිෆිකේෂන් මුදල් ගෙවා ලබා ගැනීමට අවස්ථාව

ඡායාරූප මූලාශ්‍රය, Reuters
- Author, ඇන්ටෝනියට් රැඩ්ෆර්ඩ්
- Role, බීබීසී පුවත්
ඉන්ස්ටග්‍රෑම් සහ ෆේස්බුක් පරිශීලකයින්ට දැන් 'බ්ලූ ටික් වෙර්ෆිකේෂන්' (blue tick verification) මුදල් ගෙවා ලබා ගත හැකි බව ඒවායේ මව් සමාගම වන මෙටා පසුගියදා නිවේදනය කළේය.
'මෙටා වෙරිෆයිඩ්' (Meta Verified) ලබා ගැනීමට වෙබ් පරිශීලකයින් සඳහා මසකට අමෙරිකානු ඩොලර් 11.99ක් (පවුම් 9.96ක්) හෝ iPhone භාවිත කරන්නන් සඳහා අමෙරිකානු ඩොලර් 14.99ක් වැය වනු ඇත.
එය මේ සතියේ ඔස්ට්‍රේලියාවේ සහ නවසීලන්තයේ පරිශීලකයින්ට භාවිත කළ හැකි ය.
මෙටා සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී මාර්ක් සකර්බර්ග් පැවසුවේ, මෙම පියවර සමාජ මාධ්‍ය යෙදුම්වල ආරක්ෂාව සහ අව්‍යාජභාවය වැඩි දියුණු කරන බව ය.
ට්විටර්හි හිමිකරු වන ඊලෝන් මසක් විසින් 2022 වසරේ නොවැම්බර් මාසයේදී 'ට්විටර් බ්ලූ' (Twitter Blue) ලබා ගැනීම සඳහා වාරික වශයෙන් මුදල් අය කිරීම ක්‍රියාත්මක කරනු ලැබීමෙන් පසුව මෙම පියවර ගෙන ඇත.
මුදල් ගෙවීමෙන් අනතුරුව ලබා දෙන මෙටාහි මෙම සේවාව තවමත් ව්‍යාපාර සඳහා හඳුන්වා දී නොමැති නමුත් ඕනෑ ම පුද්ගලයෙකුට 'වෙරිෆිකේෂන්' (verification) සඳහා මුදල් ගෙවිය හැක.
ප්‍රසිද්ධ පුද්ගලයින් විසින් සිය ගිණුම්වල අව්‍යාජත්වය ඇඟවීම සඳහා 'වෙරිෆිකේෂන් ටූල්ස්' (verification tools) ලෙස බැජස් (badges) - හෝ "බ්ලූ ටික්ස්" (blue ticks) භාවිත කරන ලදී.
මෙම සේවාව මුදල් ගෙවා ලබා ගන්නා පරිශීලකයින්ට 'බ්ලූ බැජ් එකක්' (blue badge) ලබා ගැනීමෙන් , වැඩි පරිශීලකයින් ගණනකට ඔවුන්ගේ පෝස්ට්ස් (posts) පෙනීම, ඔවුන් ලෙස පෙනී සිටින වෙනත් අයගෙන් ආරක්ෂා වීම සහ පාරිභෝගික සේවා සඳහා පහසුවෙන් ප්‍රවේශ වීමේ හැකියාව ලබා දෙනු ඇතැයි මෙටා සිය වෙබ් අඩවියේ පළ කළ පෝස්ට් (post) එකකින් පැවසීය
සමාගම [මෙටා] බීබීසීය වෙත පැවසුවේ, මෙම වෙනස මීට පෙර 'වෙරිෆයි' කරගත් ගිණුම්වලට (verified accounts) බලනොපාන නමුත් මුදල් ගෙවීමේ විශේෂාංගයට ස්තූතිවන්ත වන්නට ගිණුම් 'වෙරිෆයි' (verify) කරගත් ඇතැම් කුඩා පරිශීලකයින් සඳහා සිය පෝස්ට්ස් අනෙක් පරිශීලකයින්ට පෙනීමේ වැඩි වීමක් සිදු වනු ඇති බව ය.
මුදල් ගෙවන පරිශීලකයින්ට 'බ්ලූ ටික්' (blue tick) සඳහා ප්‍රවේශ වීමට ඉඩ දීම මීට පෙර වෙනත් සමාජ මාධ්‍ය වේදිකා සඳහා ගැටලු ඇති කර තිබේ.
පසුගිය නොවැම්බරයේ ට්විටර්හි 'පේ-ෆො වෙරිෆිකේෂන්' (pay-for verification) විශේෂාංගය තාවකාලිකව නතර කරන ලද්දේ, මිනිසුන් මුදල් ගෙවා බැජ් [blue tick] ලබා ගෙන ප්‍රමුඛ පෙළේ වෙළෙඳ නාම සහ ප්‍රසිද්ධ පුද්ගලයින් ලෙස පෙනී සිටීමට පටන් ගැනීම හේතුවෙනි
මෙටා සමාගම පැවසුවේ, 'වෙරිෆිකේෂන්' (verification) ලබා ගැනීම සඳහා ඉන්ස්ටග්‍රෑම් සහ ෆේස්බුක් පරිශීලක නාම රජය විසින් සපයනු ලබන හැඳුනුම් පතක් සමග ගැළපිය යුතු බවත්, පරිශීලකයින්ට ඔවුන්ගේ මුහුණ ඇතුළත් 'ප්‍රොෆයිල් පික්චර්' (profile picture) එකක් තිබිය යුතු බව ත් ය.
රෙඩ්ඩිට් (Reddit), යූටියුබ් (YouTube) සහ ඩිස්කොඩ් (Discord) වැනි අනෙකුත් වෙබ් අඩවි ද සබ්ස්ක්‍රිප්ෂන් මත පදනම් වූ (subscription-based) ආකෘති භාවිත කරයි.
මෙම විශේෂාංගය වෙනත් රටවලට නිකුත් කරන්නේ කවදාදැයි මෙටා සමාගම තව ම නිශ්චිතව දක්වා නැති නමුත් සකර්බර්ග් එය "ඉක්මනින්" වනු ඇතැයි පෝස්ට් එකක් මගින් ප්‍රකාශ කළේ ය.
කොවිඩ්-19 වසංගත කාලය තුළ සිදු කළ අධික ආයෝජන හේතුවෙන් 11,000කට රැකියා අහිමි වන බව සමාගම [මෙටා] නොවැම්බරයේදී නිවේදනය කළේ ය.
එම අවස්ථාවේදී, සකර්බර්ග් පැවසුවේ, වසංගතය කාලයේ සිදු වූ දියුණුව මත පදනම්ව මෙටාහි වර්ධනයේ වැඩි වීමක් තමන් පුරෝකථනය කළ නමුත් අවසානයේ එය සිදු නොවූ බව ය.
"බොහෝ අය මේක ස්ථිර නැග්මක් වේවි කියලා පුරෝකථනය කළා," ඔහු ලිවීය, "මම ත් කළා, ඒ නිසා මම අපේ ආයෝජන සැලකිය යුතු ලෙස වැඩි කරන්න තීරණය කළා."
ඔහු පැවසුවේ, ඒ වෙනුවට "සාර්ව ආර්ථික පසුබෑම" සහ "තරගකාරීත්වය වැඩි වීම" නිසා ආදායම බලාපොරොත්තු වූවාට වඩා බෙහෙවින් අඩු වූ බව ය.
"මම මේක වැරදියට තේරුම් ගත්තේ, සහ ඒකේ වගකීම මම භාර ගන්නවා" ඔහු එම අවස්ථාවේදී පැවසීය.


ඔවුන් පවසන්නේ අනුකරණය යනු, අනුකරණයට ලක්වන්නා පැසසුමට භාජනය වන හොඳ ම ආකාරය බව සහ ට්විටර් සමාජ මාධ්‍ය සඳහා ගෙවුම් පියවරක් හඳුන්වා දීම සම්බන්ධයෙන් තාක්ෂණික අංශයේ බොහෝ දෙනෙකු ඊලෝන් මස්ක් විවේචනය කිරීමට ඉක්මන් වූ අතරතුර එයින් ඔහු තරගකාරී සමාගම්වල සමීප නිරීක්ෂණයට ලක් වීමට හේතු වූ බව ය.
ප්‍රමුඛ පෙළේ තාක්ෂණික සමාගම් සඳහා ගෙවීයන කාලය දුෂ්කර ය. නමුත් ඇත්තෙන් ම ඔබ සහ මම වැනි එම සමාගම්වල පාරිභෝගිකයින්ට ද මේ කාලය දුෂ්කර වේ. ඊලෝන් මස්ක්ගේ අත්හදා බැලීම ඔප්පු කර ඇත්තේ, මිනිසුන් තවමත් වැඩිදියුණු කළ අත්දැකීමක් සඳහා මුදල් ගෙවීමට සූදානම් බව ය.
ෆේස්බුක්, ඉන්ස්ටග්‍රෑම් සහ ටික්ටොක් වැනි නොමිලේ භාවිත කළ හැකි ඩිජිටල් වේදිකා ගැන බොහෝ විට කියනුයේ, 'ඔබ නිෂ්පාදනය සඳහා මුදල් නොගෙවන්නේ නම්, ඔබ නිෂ්පාදනය' බව ය.
එයින් අදහස් කරන්නේ, එම ව්‍යාපාර ඔබ ගැන රැස් කරන සෑම දත්ත බිංදුවක් ම වෙළෙඳ දැන්වීම් ආකාරයෙන් ඔබට දේවල් විකිණීමට භාවිත කරන බව ය. බොහෝ සමාගම් ඉතා පොහොසත් කර ඇති එය ඩොලර් බිලියන ගණනක වටිනා අදහසකි.
නමුත් ජනතාව එය තේරුම් ගැනීමට පටන් ගෙන ඇති අතර තවදුරටත් භාණ්ඩ මිල දී නොගැනීමෙන් ඒ බව පෙන්වා දී ඇත.
සමාගම් විසින් මිනිසුන් කරන දේ මොනවා ද යන්න සහ අන්තර්ජාලයේ ඔවුන් සැරිසරන්නේ කොහේදැයි නිරීක්ෂණය කරනු ලැබුවාට කම් නැද්දැයි ඇසුවහොත්, බොහෝ දෙනෙකු ක්‍රියාවිරහිත කිරීමට තෝර ගන්නා, ඔබගේ ඔන්ලයින් ක්‍රියාකාරකම් නිරීක්ෂණය කිරීම සහ ඒවා මොනවා දැයි අනුමාන කිරීම නවත්වන විකල්ප විශේෂාංගයක් ඇපල් සමගම විසින් දියත් කරනු ලැබීය. ෆේස්බුක් හිමිකරු වන මෙටා සමාගම ඒ ගැන දැඩි ලෙස අවලාද නගා තිබේ.
විකල්පය 'සබ්ස්ක්‍රිප්ෂන්' (subscription) ද, එසේ නම් පාරිභෝගිකයින් කොපමණ මුදලක් ගෙවීමට සූදානම් ද? මුලින් ම මස්ක් පෙළඹුණ ද දැන් සකර්බර්ග් ද ඊට පිළිතුරු සොයා ගැනීමට අධිෂ්ඨාන කර ගෙන සිටින බව පෙනේ.









