ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්‍රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
ජනපතිගේ රාජාසන කතාව අතරතුර භික්ෂුන් වහන්සේලා 13 වෙනි ව්‍යවස්ථා සංශෝධනයේ පිටපතකට ගිනි තබයි
13වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය පූර්ණ ලෙස බලාත්මක කිරීමට එරෙහිව භික්ෂුන් වහන්සේලා අද පාර්ලිමේන්තු පිවිසුම අසලට පැමිණ විරෝධතාවක නිරත වුහ.
ඒ නවවන පාර්ලිමේන්තුවේ සිව්වන සභා වාරය ආරම්භ කරමින් ජනපතිවරයා සභාව අමතමින් සිටින අතරතුරයි.
එහිදී උණුසුම්කාරී තත්ත්වයක් ඇති වූ අතර උන්වහන්සේලා විසින් 13 වෙනි ව්‍යවස්ථා සංශෝධනයේ පිටපතකට ගිනි තබමින් ප්‍රකාශ කළේ අදාළ සංශෝධනය කිසිසේත්ම ක්‍රියාත්මක කිරීමට තමන් ඉඩ නොදෙන බවයි.