මිෂෙල් ඔබාමා : 'මම වර්තමානයේ ලබා සිටින සියල්ල මගේ සුව පහසු කලාපය පසු කර යාමේ ප්‍රතිඵලයක්'

වීඩියෝ ශීර්ෂ වැකිය, මිෂෙල් ඔබාමා, විවාහ වීම, මාර්ටිනි බීම, රෙදි මැසීම සහ ජීවිත අභියෝග ගැන කතා කරයි

සිය ජීවිතයේ හොඳ සහ නරක අත්දැකීම් පිළිබඳව මිෂෙල් ඔබාමා කතාබහ කරයි. අමෙරිකාවේ හිටපු ජනාධිපති ආර්යාවක වන ඇය තමන්ගේ ජීවිතයේ ජයගත් අභියෝග පිළිබඳව ඇයගේ නවතම ග්‍රන්ථයෙහි කරුණු දක්වා තිබේ.

ඇය පවසන්නේ, 'මම වර්තමානයේ ලබා සිටින සියල්ල මගේ සුව පහසු කලාපය පසු කර යාමේ ප්‍රතිඵලයක් වන,' බවය.

මිෂෙල් ඔබාමා විසින් රචනා කරන ලද 'The Light We Carry' නමැති ග්‍රන්ථය ආශ්‍රයෙන් බීබීසී පුවත් සේවයේ නාගා මන්චෙට්ටි ඇය සමග කරන ලද කෙටි සංවාදයක යෙදිණි.