ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්‍රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
සෑන් රෙචල් : අඳුරු සම පිළිබඳ ආකල්පවලට අභියෝග කරන ඉන්දීය නිරූපිකාව
සෑන් රෙචල් යනු දකුණු ඉන්දියාවේ පුණ්ඩිචෙරි නගරයේ වෙසෙන නිරූපණ ශිල්පිනියකි. ඇය පවසන්නේ, තමන්ගේ අඳුරු සම නිසා තමන් සමච්චලයට ලක්වූ බවය.
එහෙත්, ඇය අත්දුටු කටුක අත්දැකීම් නිසා ම සිය සමේ ස්වාභාවික වර්ණය පිළිබඳව ආඩම්බර වීමට ඇයට පෙළඹවීමක් ඇති විය.
23 හැවිරිදි ඇය අද වන විට විශාල අවධානයක් දිනා ගත් මෝස්තර නිරූපිකාවකි. ඇය පවසන්නේ, අඳුරු සම තවත් සාමාන්‍ය වර්ණයක් ලෙස පිළිගන්නා තෙක් තමන් ඒ පිළිබඳව හඬ නගන බවය.