ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්‍රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
රිෂී සුනක් : නව බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍යවරයා ගැන මේ කරුණු ඔබ දැන සිටියාද?
එක්සත් රාජධානියේ ආසියානු සම්භවයක් සහිත පළමු බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍යවරයා ලෙස රිෂී සුනක් ඉතිහාසගත වීමට නියමිතය.
ඔහුගේ දෙමාපියන් නැගෙනහිර අප්‍රිකාවේ සිට එක්සත් රාජධානියට සංක්‍රමණය වී ඇති අතර ඔවුන් දෙදෙනා ම ඉන්දීය සම්භවයක් සහිත පුද්ගලයෝ වෙති.
ආයෝජන බැංකුකරණයේ සිට එක්සත් රාජධානි රජයේ ඉහළ ම තනතුර දක්වා සුනක් පිළිබඳව ඔබ දැනගත යුතු සියල්ල මෙහි දැක්වේ.
හින්දු භක්තිකයෙකු ලෙස තමන්ගේ දේශපාලනික දිවියේ ගෞරවණීයම අවස්ථාව කොවිඩ් වසංගත සමයේදී රජයේ කාර්යාල රැසක් පිහිටි ඩවුනිං වීදියේ දීවාලි උත්සවය වෙනුවෙන් ඉටිපන්දම් දැල්වූ අවස්ථාව බව ඔහු පවසයි. ඉන් දෙවසරකට පසු එම හින්දු නිවාඩු දිනයේදීම ඔහු අග්‍රාමාත්‍ය ධූරය සඳහා තහවුරු විය.