ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්‍රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
එක්සත් රාජධානියේ හිටපු අගමැතිනියගේ ගෙවුණු දින 45
එක්සත් රාජධානියේ අග්‍රාමාත්‍යවරිය ලෙස දිවුරුම් දී දින 45 ක් ගත කළ ලිස් ට්‍රස් සිය තනතුරෙන් ඉල්ලා අස්වී තිබේ.
2022 වසරේදී එක්සත් රාජධානියට පත්වන තෙවැනි අගමැතිවරයා ලෙස නව අගමැතිවරයෙකු පත් කෙරෙනු ඇත.
දේශපාලන කැලඹීම් සහ ආර්ථික අවිනිශ්චිතතාවයෙන් යුතුව ගෙවුණු සති කිහිපයකට පසුව එක්සත් රාජධානියේ තෙවැනි කාන්තා අගමැතිනිය නව වාර්තාවක් පිහිටුවා සිය ධුරයෙන් ඉවත් වන්නේ එරට අග්‍රාමාත්‍ය ධුරය කෙටිම කලකට හෙඹවූ පුද්ගලයා බවට පත්වෙමිනි.
ඇයට පෙර කෙටිම කාලයක් අගමැති ධුරය දැරූ ජෝර්ජ් කැනින්, 1827 අගෝස්තු මාසයේදී මිය ගියේ ය. ඔහු සිය ධුරයේ ගත කළ කාලය දින 119 කි.