සරණාගතයින් live stream හරහා උපයන තෑගි මුදල් වලින් ටික්ටොක් සමාගම අසීමිත ලාභ ලබා ගන්නේ කොහොමද?
සිරියාවේ අවතැන් පවුල් සිය ගණනකට ටික් ටොක් ඇප් එක හරහා ලැබෙන පරිත්‍යාගවලින් 70%ක් එම සමාගම විසින් ගනු ලබන බව බීබීසී ලෝක සේවයේ විමර්ශනයකින් සොයාගෙන තිබේ.
එම විමර්ශනයෙන් හෙළි වී ඇත්තේ, සැබෑ මුදල් බවට හැරවිය හැකි ඩිජිටල් ත්‍යාග අයැදීම සඳහා ටික් ටොක් ඔස්සේ වීඩියෝ පළ කිරීමට තැරැව්කරුවන් පහසුකම් සපයන බවය.
මේ හරහා ටික් ටොක් සමාගම තමන්ගේ කොන්දේසි සහ අදාළ පවුල්වල අයිතිවාසිකම් උල්ලංඝණය කරන බවට පුණ්‍යායතන චෝදනා කරයි.




