ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්‍රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
'එය භයානකයි. ක්ෂණයකින් අපේ ජීවිතයේ හිඩැසක් ඇතිවුණා':රුසියාවේ ප්‍රහාර රැල්ලෙන් පසු යුක්රේනයේ ඇතිව ඇති කම්පනය සහ භීතිය
පසුගිය පැය කිහිපය තුළ, කියෙව්හි පමණක් නොව, බටහිරින් ලිවිව් සිට නැගෙනහිරින් කාර්කිව් සහ දකුණේ ඔඩේසා දක්වා රට පුරා පිපිරුම් රැලි කිහිපයක් එකපිට දක්නට ලැබුණි.
පෙබරවාරි මාසයේදී රුසියාවේ පූර්ණ ආක්‍රමණය ආරම්භ වූ විට මෙහි සිටි අප වැනි අයට, දැනටමත් මෙම සිදුවීම් ඉතාමත් හුරුපුරුදු වී ඇත. මිසයිල සහ ඩ්‍රෝන යානා යොදා ගනිමින් ඉදිරියට තවදුරටත් ප්‍රහාර එල්ල කිරීමට බලාපොරොත්තු වන බැවින් අපට හැකි තරම් කාලයක් පහළ මාලයේ ගත කරන ලෙස පවසා ඇත.
නමුත් මෙය වෙනස්ය. කියෙව් හි පිපිරුම් නගර මාධ්‍යට වඩාත් ම සමීපයේ සිදුවේ. එය කියෙව්ට තදාසන්න ප්‍රදේශවලින් ඈතින් ඇසෙන ඝෝෂාකාරී හඬක් නොවේ, නමුත් පසුගිය මාස අට තුළ අපි හොඳින් දැන සිටි කියෙව්හී වීදි සහ ස්ථාන ආසන්නයේ ඇතිවන ඝෝෂාකාරී දෝංකාරයන් ය.
ඉලක්ක කර ඇත්තේ කුමක්දැයි පැවසීම දුෂ්කර නමුත් යුක්රේනයේ සංස්කෘතික අමාත්‍යාංශයේ ප්‍රකාශකයෙක් පැවසුවේ කෞතුකාගාර සහ 19 වන ශතවර්ෂයේ අවසාන භාගයේ ඉදිකළ පෞරාණික රංගන ශාලාවක්වන ෆිල්හාර්මනික් ගොඩනැගිල්ලට ප්‍රහාර එල්ලකර ඇති බවයි.
සමාජ මාධ්‍ය තුළ සංසරණය වන එක් වීඩියෝවක ළමා ක්‍රීඩා පිටියක විශාල ආවාටයක් පෙන්නුම් කළේය.
නීප්‍රෝ ගඟට ඉහලින් පිහිටි ජනප්‍රිය සංචාරක ස්ථානයක් සහ දර්ශනයක් වන නගරාධිපති විටාලි ක්ලිච්කොව් ගේ වීදුරු පාලමට මිසයිල ප්‍රහාරයක් එල්ල වන බව තවත් එකකින් පෙන්වීය.
ඔලේනා සහ වැලරි බඩාක් ජීවත් වන්නේ ෂෙව්චෙන්කෝ උද්‍යානයේ ඇති ක්‍රීඩා පිටියට ඉහළින් පිහිටි මහල් නිවාසයක ය.
"එය භයානකයි. ක්ෂණයකින් අපේ ජීවිතයේ හිඩැසක් ඇතිවුණා.ඒක භයානකයි," ඔලේනා මට පැවසුවා.
"මම මගේ මුළු ජීවිතයම ගත කළේ මෙහේ . මම ඉස්කෝලේ ගියේ මෙහේ. උද්‍යානය පිරිසිදු කළා, තණකොළ වැවුවා. මගේ පුතා, දැන් මගේ මුනුපුරා හැදී වැඩුනේ මෙහේ ," ඇගේ සැමියා වැලරි පැවසීය. "මෙතන නිතරම ළමයි ගොඩක් ඉන්නවා"
"මම හිතන්නේ ඔවුන්ට විශ්ව විද්‍යාල ගොඩනැගිල්ලට සහ යුක්රේනයේ වඩාත්ම බලගතු දේශපාලන චරිතයක් වූ හෘෂෙව්ස්කිගේ ස්මාරකයට පහර දීමට අවශ්‍ය වුණා. ඒවා අපට වැදගත් සංකේත, එය සංකේතාත්මක ප්‍රහාරයක්."
සංකේතාත්මක ඉලක්ක? මෙච්චර ඉක්මනින් ප්‍රහාරයේ තර්කනය හඳුනා ගැනීමට අමාරුයි.නමුත් වෙනත් තැන්වලින් ලැබෙන වාර්තාවලින් පවසන්නේ ලිවිව්හි තාප බලාගාරයකට පහර දෙන බවයි. ජනාධිපති වොලොදිමීර් සෙලෙන්ස්කි පවසන්නේ රට පුරා බලශක්ති පහසුකම්වලට බලපෑම් එල්ල වී ඇති බවයි.
නගර කිහිපයක් එකවර ඉලක්ක කර බොහෝ කාලයක් ගත වී ඇත. මොස්කව් විසින් පැහැදිලිවම කළ හැකි විශාලතම ප්‍රකාශය කිරීමට අධිෂ්ඨාන කරගෙන සිටියි.
දින දෙකකට කලින්, රුසියාව ක්‍රිමියානු අර්ධද්වීපය හා සම්බන්ධ කරන පාලමට එල්ල වූ ප්‍රහාරය යුක්රේනියානුවන් මහත් සේ සමරද්දී සමාජ මාධ්‍ය වීඩියෝ සහ මීමස් වලින් පිරී ගියේය.
අද, සංසරණය වන වීඩියෝ දර්ශන සියල්ලෙන්ම පෙන්නුම් කරන්නේ ෂෙල් වෙඩි වලින් කම්පනයට පත් නිවැසියන්, ගිනි ගත් සුන්බුන් සහ හදිසි අනතුරු ඇඟවීම් වේ. එහි ප්‍රීතිය පිළිබඳ කිසිම හැඟීමක් නැති වී ඇත.
එය නොවැළැක්විය හැකි බව දැනේ, නමුත් එය කම්පනය අඩු නොකරයි. භීතිය නැවතත් අගනුවර වෙලාගෙන ඇත.