ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්‍රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
දරුවන්ගේ පෙනිම මිය යාමට පෙර ලෝකය පුරා සංචාරය කරන පවුලක්
එඩිත් සහ සෙබස්තියන්ගේ දරුවන් හතර දෙනාගෙන් තිදෙනෙකු අන්ධභාවයට පත් කරන ජානමය රෝගයකින් පෙළෙන බව හඳුනාගත් විට, ඔවුන් තම ළමුන්ට හැකි තරම් දෘශ්‍ය මතකයන් ලබා දීමට තීරණය කළහ. ඒ, තම පවුල ලෝක සංචාරයක් ගෙන යමිනි.
මෙම රෝගය - රෙටිනයිටිස් පිග්මන්ටෝසා (Retinitis Pigmentosa) - උපතේ සිට මිනිසුන්ට ඇති තත්වයකි. එයට හේතු ජාන වාහකයන්ගේ ඇතිවන ආබාදයක් වුවත් මෙය බොහෝ විට කිසිදු රෝග ලක්ෂණයක් හෝ රෝග කාරකයක් නොපෙන්වයි.
මෙම පවුල ඔවුන්ගේ වසරක සංචාරයේ මාස හයක් මේ වන විට ගතකර ඇති අතර මේ දක්වා ඔවුන් නැමීබියාව, සැම්බියාව, ටැන්සානියාව, තුර්කිය, මොංගෝලියාව සහ ඉන්දුනීසියාවට සංචාරය කර ඇත.