ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්‍රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
එලිසබෙත් රැජිණගේ අවමංගල්‍යය : අවසන් සමුගැනීම
දෙවන එලිසබෙත් රැජිණ විවාහ වූ සහ රාජාභිෂේකය ලැබූ වෙස්ට්මින්ස්ටර් ඇබේ දේවස්ථානයේ ඇය වෙනුවෙන් අවමංගල්‍ය දේව මෙහෙයක් පැවැත්විණි.
ඊට අමෙරිකානු ජනාධිපති බයිඩ්න්, ප්‍රංශ ජනාධිපති මැක්රෝන් සහ රැජිණ යටතේ සේවය කළ දැනට ජීවතුන් අතර සිටින බ්‍රිතාන්‍ය අගමැතිවරුන් 6 දෙනෙක් ඇතුළු සම්භාවනීය පුද්ගලයින් සිය ගණනක් සහභාගි වූහ.
ධජවලින් ආවරණය කරන ලද, රාජකීය ඔටුන්න තබන ලද ඇගේ දේහය බහාලූ පෙට්ටිය අවි ප්‍රවාහනය කරන කරත්තයක් මත තබා දේවස්ථානය වෙත රැගෙන යන ලද්දේ රාජකීය නාවික හමුදා සාමාජිකයින් විසිනි.
දේව මෙහෙයට පසු, රැජිණගේ දේහය ලන්ඩන් නුවර හරහා ශෝකයට පත් ජනතාව පසු කරමින් අවසන් ගමන සඳහා අවමඟුල් පෙරහැරකින් රැගෙන යන ලදී. ඉන්පසු, දේහය රාජ්‍ය අවමංගල්‍ය රථයෙන් වින්ඩ්සර් මාලිගය කරා අවසන් වරට රැගෙන ගියාය. පසුව රැජිණගේ දේහය තැන්පත් කරන ස්ථානයේ පෞද්ගලික දේව මෙහෙයක් පැවැත්විණි.