ගිනිගත් පැරිස් නෝත්‍ර දාම් දෙව්මැදුර නැවත විවෘත වෙන්නේ කවදාද?

වීඩියෝ ශීර්ෂ වැකිය, ගිනිගත් පැරිස් නෝත්‍ර දාම් දෙව්මැදුර නැවත විවෘත වෙන්නේ කවදාද?

නෝත්‍ර දාම් දෙව්මැදුර 2024 දී තම භක්තිකයන්ට සහ මහජනතාවට එහි දොරටු විවෘත කිරීමට නියමිත බව ප්‍රංශ සංස්කෘතික අමාත්‍යවරයා පවසා තිබේ.

2019 අප්‍රේල් මසදී 13 වන සියවසට අයත් මෙම පැරිස් දේවස්ථානය හදිසියේ එහි ඇති වූ ගින්නකින් දැඩි ලෙස හානියට පත්විය.

එතැන් සිට නැවත දේවස්ථානය ප්‍රතිෂ්ඨාපනය කිරීමේ අරමුණින් දැවැන්ත ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කෙරිණි.