චීනයට පක්ෂපාතී වෙමින් නිකරගුවාව තායිවානය සමඟ සබඳතා කපා දමයි

The Chinese flag flaps in the wind on August 5, 2010 in Shanghai, China.

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

ඡායාරූප ශීර්ෂ වැකිය, තායිවානය සමඟ රාජ්‍ය තාන්ත්‍රික සබඳතා අත්හැරී රටවල් ලැයිස්තුවට එක්වන නවතම රට නිකරගුවාවයි.

චීනයට පක්ෂපාතී වෙමින් තායිවානය සමඟ ඇති රාජ්‍ය තාන්ත්‍රික සබඳතා කපා හැරි නවතම රට බවට නිකරගුවාව පත්ව තිබේ.

මේ පිළිබඳව සිය අදහස් දක්වමින් තායිවානය පැවසුවේ, එය තමන්ගේ 'දැඩි කනස්සල්ලට' හේතුවන බවයි. එමෙන් ම නිකරගුවාව ඔවුන් තමන් සමඟ වසර ගණනාවක් පුරා තිබූ මිත්‍රත්වය නොසලකා හැර ඇති බවත් පැවසිය.

තමන් සමඟ රාජ්‍ය තාන්ත්‍රික සබඳතා අවශ්‍ය ඕනෑම රටක් තායිපේ සමඟ පවතින සබඳතා කපා හැරිය යුතු බව ඉල්ලා සිටින චීනය, නිකරගුවාවේ මේ තීරණය පැසසුමට ලක් කර තිබේ.

මේ තීරණය ගැනුණේ පසුගිය සිකුරාදා එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තුව විසින්, 'තායිවානය සමඟ සම්බන්ධතා පුළුල් කරන ලෙස' ප්‍රජාතන්ත්‍රවාදී රටවල්වලින් ඉල්ලා සිටීමත් සමඟ ය.

චීනය, තායිවානය දකින්නේ යම් දිනක යළිත් තම රට සමඟ බද්ධ කරගත යුතු, චීනයෙන් බිඳී ගිය පළාතක් ලෙස ය. චීනයේ ප්‍රධාන භූමියෙන් වෙන් වූ ස්වාධීන රටක් ලෙස කිසි විටෙකත් චීනය විසින් නිල වශයෙන් ප්‍රකාශ කර නැති නමුත් තායිවානය සලකන්නේ තමන් ප්‍රජාතන්ත්‍රවාදී සහ ස්වාධීන රටක් ලෙසටයි.

2016 මැයි මාසයේදී ජනාධිපති සායි ඉන්ග්-වෙන් බලයට පත්වීමෙන් පසු මේ දක්වා, තායිවානයේ ජාත්‍යන්තර මිත්‍රරාජ්‍ය ලැයිස්තුව විසි එකේ සිට දහ හතර දක්වා පහත වැටී තිබේ.

තායිවානය සමඟ රාජ්‍ය තාන්ත්‍රික සබඳතා බිඳ දමමින් නිකරගුවාවේ විදේශ අමාත්‍යාංශය ප්‍රකාශ කළේ, "මින් ඉදිරියට තායිවානය සමඟ කිසිදු සබඳතාවක් හෝ නිල සබඳතාවක් තමන් විසින් නොපවත්වන" බවයි. එමෙන් ම "එය චීනයේ කොටසක් ලෙස ම පිළිගන්නා" බවත් ප්‍රකාශ කෙරුණා.

චීන විදේශ අමාත්‍යාංශයේ ප්‍රකාශක හුආ චුනින්ග් නිකරගුවාවේ මෙම තීරණය පැසසුමට ලක් කළ අතර, එය "ගෝලීය ප්‍රවණතාවයට අනුකූල නිවැරදි තේරීමක් " ලෙස හැඳින්වූ ඔහු එයට "ජනතාවගේ සහයෝගය ඇති" බවත් පැවසීය.

Skip X post
X අන්තර්ගතයට අවසරදීමට ඔබ එකඟ ද?

මෙම ලිපියේ X විසින් සපයන ලද අන්තර්ගතයන් අඩංගු වේ. ඔවුන් කුකීස් සහ වෙනත් තාක්ෂණයන් භාවිතා කරන නිසා, ඒ කිසිවක් පූරණය වීමට පෙර අපි ඔබගේ අවසරය ඉල්ලා සිටිමු. එයට අවසරදීමට පෙර ඔබට X කුකී ප්‍රතිපත්තිය සහ රහස්‍යතා ප්‍රතිපත්තිය කියවීමට අවශ්‍ය විය හැකි ය. මෙම අන්තර්ගතය බැලීමට 'පිළිගෙන ඉදිරියට යන්න' තෝරන්න.

අනතුරු ඇඟවීමයි: බීබීසී නොවන වාර්තාවල වෙළෙඳ දැන්වීම් අඩංගු විය හැකිය

End of X post

Presentational white space

එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තුව මෙම තීරණය විවේචනය කරමින් පැවසුවේ නිකරගුවා රජය නිදහසේ තේරී පත් නොවීම නිසා, එය එරට ජනතාවගේ කැමැත්ත පිළිබිඹු නොකරන බවයි.

නිකරගුවාවේ මැතිවරණය ප්‍රජාතන්ත්‍රවාදී නොවන බව මෙන් ම එහි නීත්‍යානුකූලභාවයක් නොමැති බවට ද ඇතැම් නිරීක්ෂකයින් විවේචනයට ලක් කළේ, ජනාධිපතිවරණ අපේක්ෂකයින් කිහිප දෙනෙකු බලහත්කාරයෙන් රඳවාගෙන සිටින බවට වාර්තා වීමත් සමඟ ය.

"නිදහස් සහ සාධාරණ මැතිවරණයක් සමඟ ලැබෙන ජනවරම නොමැතිව, පත් වූ නිකරගුවාවේ ජනාධිපති ඩැනියෙල් ඔර්ටේගාගේ තීරණ නිකරගුවාවේ ජනතාවගේ කැමැත්ත පිළිබිඹු නොකරයි" යනුවෙන් ද රාජ්‍ය දෙපාර්තමේන්තුවේ ප්‍රකාශක නෙඩ් ප්‍රයිස් ප්‍රකාශ කළේ ය.

ප්‍රජාතන්ත්‍රවාදී ආයතන අගය කරන සියලුම රටවල් තායිවානය සමග පවතින සබඳතා පුළුල් කරන ලෙස ද ප්‍රයිස් ඉල්ලා සිටියේ ය. ඔහු මෙම ප්‍රකාශය සිදු කරන්නේ එක්සත් ජනපදය, ප්‍රජාතන්ත්‍රවාදය සඳහා දින දෙකක සමුළුවක් පවත්වන අතරතුරදී ය. එයට තායිවානයට ආරාධනා කර ඇති මුත්, චීනයට ආරාධනා කර තිබුණේ නැත.

තායිවානයේ විදේශ කටයුතු අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් පැවසුවේ ඔවුන් ප්‍රායෝගික රාජ්‍ය තාන්ත්‍රිකභාවය වර්ධනය කිරීමට දිගින් දිගට ම කටයුතු කරන බවයි. එමෙන් ම අනෙකුත් රටවල් සමඟ රාජ්‍ය තාන්ත්‍රික සබඳතා හුවමාරු කර ගැනීමට තමන්ට අයිතියක් ඇති බවත් ඔවුන් මෙහිදී ප්‍රකාශ කර සිටියා.

පැසිෆික් දූපත් රාජ්‍යයන් වන කිරිබාති සහ සොලමන් දූපත්, නිකරගුවාවට පෙර 2019 දී චීනයට පක්ෂපාතීව තායිවානය සමඟ සබඳතා කපා දැමූහ.

තායිවානයේ තානාපති කාර්යාලයක් විවෘත කිරීමට බෝල්ටික් රාජ්‍යයක් වන ලිතුවේනියාවට අවසර දීමෙන් දින කිහිපයකට පසු පසුගිය නොවැම්බර් මාසයේදී, චීනය ලිතුවේනියාව සමඟ රාජ්‍ය තාන්ත්‍රික සබඳතා අඩු කිරීමට කටයුතු කළේ ය.

වීඩියෝ ශීර්ෂ වැකිය, ජේක් සුලිවන් බීබීසීයට පවසන්නේ එක්සත් ජනපදය "මිතුරන් වෙනුවෙන් පෙනී සිටින" බවයි