වියට්නාමය: කොවිඩ් ව්‍යාප්ත කිරීම නිසා වසර පහක සිර දඬුවමක් නියම කෙරේ

Le Van Tri

ඡායාරූප මූලාශ්‍රය, Thanh Nien

ඡායාරූප ශීර්ෂ වැකිය, අනතුරුදායක බෝවන රෝග සම්ප්‍රේෂණය කිරීමේ වරදට ලේ වැන් ත්‍රි වැරදිකරුවෙකු බව අධිකරණය තහවුරු කළේය

කොවිඩ් -19 නීති උල්ලංඝනය කිරීම සහ වෛරසය ව්‍යාප්ත කිරීම සම්බන්ධයෙන් වියට්නාම ජාතිකයෙකුට වසර 5 ක සිර දඬුවමක් නියම කර තිබේ.

පුද්ගලයන් අට දෙනෙකුට "භයානක බෝවන රෝග සම්ප්‍රේෂණය කිරීමේ" වරදට ලෙ වෑන් ට්‍රි වැරදිකරු වූ අතර, ආසාදිතයින් අට දෙනාගෙන් එක් අයෙකු අවසානයේදී මිය ගියේය.

වියට්නාමය කොවිඩ් රෝගයෙන් වැළකීම සඳහා පවත්වාගෙන ආ දැඩි සීමා කිරීම් හේතුවෙන් මෑතක් වන තුරුම එම රට විශාල වශයෙන් සාර්ථක වී තිබුණි.

නමුත් වඩාත් ඉක්මනින් බෝවන ඩෙල්ටා ප්‍රභේදය පැතිරීම ආරම්භ වීමත් සමග ජුනි මාසයේ සිට ආසාදන මට්ටම ඉහළ ගොස් ඇත.

ආසාදිතයින් 530,000 කට වැඩි සංඛ්‍යාවක් හා මරණ 13,300 කට වැඩි සංඛ්‍යාවක් වාර්තා වී ඇති අතර එයින් බොහොමයක් පසුගිය මාස කිහිපය තුළ සිදු වී ඇත.

මෙයින් වැඩි ප්‍රමාණයක් හෝ චි මින් නගරයෙන් සොයාගෙන ඇත.

ජූලි මස මුලදී, 28 හැවිරිදි ට්‍රයි, යතුරුපැදියකින් හෝ චි මිං නගරයේ සිට රටේ දකුණේ පිහිටි ඔහුගේ ගම් පළාත වන කා මාවු වෙත ගොස් ඇති බව වාර්තා වේ.

කා මවුහිදී, ට්‍රි ඔහුගේ මෑත සංචරණ ඉතිහාසය ගැන විමසූ සෞඛ්‍ය ප්‍රකාශන පත්‍රයට බොරු දත්ත කී අතර, හුදෙකලා වීමේ නීතිරීති වලට අනුකූල වීමට අපොහොසත් වූ බව සොයා ගන්නා ලදී.

වෙනත් පළාත්වල සිට කා මාවු වෙත ඇතුල්වන ඕනෑම අයෙකු වහාම දින 21 ක් හුදෙකලා විය යුතු බව එවකට පළාත් පාලන ආයතන විසින් නියෝග කර තිබුණි.

ට්‍රි කොවිඩ් ආසාදිතයකු බවට පසුව සිදුකල පරිෂණ වලින් හෙළිවී ඇති අතර, ඔහුගේ පවුලේ සාමාජිකයින්ට මෙන්ම ඔහු ගිය සුබසාධන මධ්‍යස්ථානයක කාර්ය මණ්ඩලයටද වෛරසය සම්ප්‍රේෂණය කළ බව සොයා ගන්නා ලදී.

එක් දින නඩු විභාගයක් අවසානයේදී ට්‍රි සිරගත කරන ලද අතර ඩොලර් 880 කට (රුපියල් 177,335.75) සමාන දඩයක් ද නියම කෙරිණි.