ඇෆ්ඝනිස්තාන අර්බුදය: අඩක් සාර්ථක වූ 'Operation Ark'

Nowzad charity and Paul

ඡායාරූප මූලාශ්‍රය, Nowzad

ඇෆ්ඝනිස්ථානයේ සත්ත්ව රැකවරණ මධ්‍යස්ථානයක නිර්මාතෘ කාබුල් නගරයෙන් පිටවී එක්සත් රාජධානියට පැමිණීමෙන් පසු පවසා ඇත්තේ තමා තුළ "මිශ්‍ර හැඟීම්" ඇති බවය.

බ්‍රහස්පතින්දා කාබුල් ගුවන් තොටුපොළේ සිදුවූ බෝම්බ පිපිරීම් වලට මුහුණදුන් පෝල් "පෙන්" ෆාතින් ඉරිදා (අගෝ 29) උදෑසන හීත්‍රෝ ගුවන් තොටුපළට ගොඩ බැස්සේය.

ෆාතින් ගේ පුණ්‍යායතනය වන 'නව්සාඩ්' තහවුරු කළේ ඔහු සහ ඔහුගේ සතුන් සෙනසුරාදා සිය කාර්ය මණ්ඩලය නොමැතිව ඇෆ්ඝනිස්ථානය හැර ගිය බවය.

ඔහු ට්විටර් වෙබ් අඩවියේ සඳහන් කළේ "අද ඇෆ්ඝනිස්ථානය පවතින තත්ත්වය ගැන දැඩි කණගාටුවක්" ඇති බවය.

Skip X post
X අන්තර්ගතයට අවසරදීමට ඔබ එකඟ ද?

මෙම ලිපියේ X විසින් සපයන ලද අන්තර්ගතයන් අඩංගු වේ. ඔවුන් කුකීස් සහ වෙනත් තාක්ෂණයන් භාවිතා කරන නිසා, ඒ කිසිවක් පූරණය වීමට පෙර අපි ඔබගේ අවසරය ඉල්ලා සිටිමු. එයට අවසරදීමට පෙර ඔබට X කුකී ප්‍රතිපත්තිය සහ රහස්‍යතා ප්‍රතිපත්තිය කියවීමට අවශ්‍ය විය හැකි ය. මෙම අන්තර්ගතය බැලීමට 'පිළිගෙන ඉදිරියට යන්න' තෝරන්න.

අනතුරු ඇඟවීමයි: බීබීසී නොවන වාර්තාවල වෙළෙඳ දැන්වීම් අඩංගු විය හැකිය

End of X post

රාජකීය මැරීන් භටයෙක් වශයෙන් කලින් සේවය කළ ෆාතින්, එසෙක්ස් හි ඩෝවර්කෝට් ප්‍රදේශයේ වැසියෙකි.2000 ගණන් වල මැද භාගයේදී ඇෆ්ඝනිස්ථානයේ සේවය කිරීමෙන් පසු සුනඛයින්, බළලුන් සහ බූරුවන් බේරා ගැනීම සඳහා කාබුල්හි නවුසාඩ් සත්ත්ව රැකවරණ මධ්‍යස්ථානය පිහිටුවන ලදී.

ඇෆ්ඝනිස්ථාන රජය බිඳවැටීමෙන් පසු, සිය කාර්ය මණ්ඩලය, ඔවුන්ගේ පවුල්වල සාමාජිකයින් මෙන්ම සුනඛයින් 140 ක් සහ බළලුන් 60 දෙනෙකු රටින් ඉවත් කර ගැනීම සඳහා ෆාතින් මෙන්ම ඔහුගේ ආධාරකරුවෝ ගේප්‍රයත්නයක යෙදුණහ. එම ප්‍රයත්නය ඔහු විසින් නම් කරනු ලැබුවේ, 'ආර්ක් මෙහෙයුම' (Operation Ark) යනුවෙනි.

වීඩියෝ ශීර්ෂ වැකිය, Pen Farthing: "Twice today I've had an AK poked in my face"

නමුත් ෆාතින් ගේ ඇතැම් අධාරකරුවන්, "මානුෂීය අර්බුදය සමඟ කටයුතු කිරීම කෙරෙහි අවධානය යොමු කළ යුතු වූ අවස්ථාවේ මගේ ජ්‍යෙෂ්ඨ අණ දෙන නිලධාරීන්ගේ විශාල කාලයක් මෙම ගැටලුව සම්බන්ධයෙන් යොදවා ගත්තා" යන්න ආරක්ෂක ලේකම් බෙන් වොලස්ගේ චෝදනාව විය.

මේ තොරතුරු ද කියවන්න:

ඉරිදා දහවල් ප්‍රකාශයක් කරමින් ෆාතින් කියා සිටියේ තමන්ගේ මෙහෙයුම් කටයුතු "අර්ධ සාර්ථකත්වයක්" සමග තමන් හීත්‍රෝ වෙත පැමිණි බව ය.

"අද ඇෆ්ඝනිස්ථානය ගැන මිශ්‍ර හැඟීම් සහ ගැඹුරු දුකක් දැනෙනවා," ඔහු පැවසීය.

"ඇෆ්ඝන් සරණාගතයින් කෙරෙහි හීත්‍රෝ දක්වන දයානුකම්පාව" තමා සියැසින්ම දුටු බව ෆාතින් පැවසීය.

එක්සත් රාජධානියට පැමිණීමට පෙර වෙනත් රටක නැවැත්වූ ගුවන් යානයේ ෆාතින් සමඟ සිටි පශු වෛද්‍ය ඉයන් මැක්ගිල් පැවසුවේ ගුවන් යානයේ සුනඛයන් 90 ත් 100 ත් අතර ප්‍රමාණයකුත් බළලුන් 60 ත් 70 ත් අතර සංඛ්‍යාවක් ද සිටි බවය.

"සතුන්, ඔවුන් අත්විඳ ඇති දේ සලකා බැලීමේදී, සමස්තයක් වශයෙන් ගත් කල ඉතා යහපත් තත්ත්වයක සිටිනවා" යැයි වෛද්‍ය මැක්ගිල් බීබීසියට පැවසීය.

ඔවුන් පරීක්‍ෂා කර නිරෝධායන මධ්‍යස්ථාන වෙත ගිය බව පැවසූ ඔහු, "ඔබට සිතා ගත හැකි පරිදි මෙම සතුන්ට නිවෙස් හිඟ නැහැ" යනුවෙන් ද කීය.

ෆාතින් "සිය කාර්ය මණ්ඩලය සහ ඇෆ්ගනිස්ථානයේ දුක් විඳින අනෙක් සියලු දෙනා ගැන" දැඩි අවධානයෙන් පසුවන බව ඔහු තවදුරටත් ප්‍රකාශ කළේය.

නව්සාඩ් පුණ්‍යායතනය සමාජ මාධ්‍ය තුළ කියා සිටියේ ඔවුන්ගේ "අපූරු කණ්ඩායම" අතහැර දැමීම "කම්පා කරවන සිදුවීමක්" බවය.

Armed forces return

ඡායාරූප මූලාශ්‍රය, PA Media

ඡායාරූප ශීර්ෂ වැකිය, බ්‍රිතාන්‍ය සන්නද්ධ හමුදා සාමාජිකයෝ ඇෆ්ඝනිස්ථානයේ සිට ආපසු පැමිණෙමින් සිටිති

නමුත් සෙනසුරාදා එල්බීසී වෙත අදහස් දක්වමින් විදේශ කටයුතු තේරීම් කාරක සභාවේ සභාපති ටොම් ටුගෙන්ඩැට් පැවසුවේ: "ගුවන් තොටුපල තුළට සහ ඉන් පිටතට මිනිසුන් ගෙන ඒමේ දුෂ්කරතාවක් ඇති අතර අපි සුනඛයින් 200 ක් ගෙන්වා ගැනීම සඳහා භටයින් විශාල ප්‍රමාණයක් යොදාගෙන ඇත, ඒ වෙනුවෙන් මගේ පරිවර්තකයාගේ පවුලේ සාමාජිකයන්ගේ ජිවිත අනතුරේ හෙලීමට ආසන්න විය" යනුවෙනි.

කොන්සර්වේටිව් මන්ත්‍රීවරයා පැවසුවේ "දින පහකට පෙර එක් පරිවර්තකයෙක් මගෙන් ඇසූයේ, 'මගේ පස් හැවිරිදි දරුවා ඔබේ සුනඛයාට වඩා වටින්නේ නැත්තේ ඇයි?' යැයි විමසූ බවය.

සිකුරාදා ආරක්ෂක අමාත්‍යාංශය පැවසුවේ කාබුල් ගුවන් තොටුපල හරහා යාමට ෆාතින් සහ ඔහුගේ සතුන්ට එක්සත් රාජධානියේ සන්නද්ධ හමුදාවන්ගේ සහාය ලැබුණු බවය.

Nowzad charity and Paul

ඡායාරූප මූලාශ්‍රය, Nowzad

සෙනසුරාදා රාත්‍රියේ ෆාතින් සහ සතුන් ඇෆ්ඝනිස්තානයෙන් පිටත්ව ගිය පුවත සනාථ කරමින් නවුසාඩ් පුණ්‍යායතනය පැවසුවේ "මේ මොහොතේ අපගේ අවධානය යොමුවී ඇත්තේ ඇෆ්ඝනිස්තානයේ සිරවී සිටින අපගේ කාර්ය මණ්ඩලය සහ අනෙකුත් බොහෝ මිනිසුන් සහ සතුන් වෙතටයි. අපි ඔවුන්ට හැකි උපරිමයෙන් උදව් කරන්නෙමු" යනුවෙන් එම පුණ්‍යායතනය පැවසීය.

එක්සත් රාජධානියේ වසර 20 ක හමුදා මැදිහත්වීම නිමකරමින් අවසන් බ්‍රිතාන්‍ය ගුවන් ගමන ඇෆ්ඝනිස්තානයෙන් සෙනසුරාදා පිටත් විය.

අගෝස්තු 14 දා සිට එක්සත් රාජධානිය විසින් පුද්ගලයින් 15,000 කට වැඩි පිරිසක් ඉවත් කරගනු ලැබිණි.

Nowzad charity and Paul

ඡායාරූප මූලාශ්‍රය, Nowzad

තවත් තොරතුරු: