ඇෆ්ගනිස්තානය: තාලිබාන් පාලනය ඉදිරියේ ඇෆ්ගන් වැසියෝ රටෙන් පලා යති
අගනුවර බලය තාලිබාන්වරු අතට පත්වීමත් සමග කාබුල් ගුවන් තොටුපලට පැමිණි දහස් ගණනක් රටෙන් පලා යාමට උත්සහ දරන අයුරු වීඩියෝ දර්ශන ඔස්සේ දැකිය හැක.
සඳුදා (අගෝස්තු 16) උදෑසන වෙඩි හඬ ඇසුණු අතර ඇසින් දුටුවෙකු BBC ය වෙත කියා සිටියේ සාමාන්‍ය වැසියන් මරා දමා ඇති බවය. ජනයා විසුරුවා හැරීම සඳහා ඇමරිකානු භටයන් අහසට වෙඩි තබා ඇති බවත් වාර්තා වේ.
ඇමරිකාව ප්‍රමුඛ මිත්‍ර හමුදා විසින් වසර 20 කට ආසන්න කාලයක් තාල්බාන් කැරලිකරුවන් පලවා හරිනු ලැබ තිබිණි.
විදෙස් හමුදා එරටින් ඉවත් වීමත් සමග ඇෆ්ගනිස්තානය ඔවුන්ට නතු වෙමි න පවතී.
වැඩි විස්තර: තලෙබාන්වරු කාබුල් අගනුවර අල්ලාගනිති