ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
කැමැත්ත නොමැතිව රෝමා කතුන් වඳ සැත්කම්වලට ලක් කළ හැටි
දෙවෙනි සිසේරියන් සැත්කමෙන් පසු එලේනා වඳ භාවයට පත් කරනු ලැබීය. දැඩි වේදනාවකින් පසු වූ තමන්ට කුමක් සිදුවන්නේ දැයි යන්න පිළිබඳ අවබෝධයක් නොතිබුණු බව ඇය සඳහන් කළාය.
70 සහ 80 දශකයන්හි එවක චෙකොස්ලොවැකියාවේදී කැමැත්තකින් තොරව කාන්තාවන් දහස් ගණනක් වඳ සැත්කම්වලට ගොදුරු වී ඇතැයි විශ්වාස කෙරේ. ඉන් බහුතරයක් එවක සමාජයේ දැඩි කොන්වීමට ලක්ව සිටි රෝමා ප්‍රජාවට අයත් කාන්තාවන්ය.
1993 වසරේදී චෙකොස්ලොවැකියාව චෙක් ජනරජය සහ ස්ලොවැකියාව ලෙස රටවල් දෙකකට කැඩුණු අතර එය යුක්තිය සෙවීමට බාධාවක් වී ඇත.
මේ ගැනත් කියවන්න: