ගින්දර රැගත් බැලූන දියත් කිරීමෙන් පසු ඊශ්‍රායලය ගාසා තීරයට පහර දෙයි

වීඩියෝ ශීර්ෂ වැකිය, An explosion lights up Khan Younis, in the southern Gaza Strip

පලස්තීනුවන් රැදී සිටින භූමියේ සිට ගින්දර රැගත් බැලූන ප්‍රහාරයක් දියත් කිරීමෙන් පසු ගාසා තීරයේ රාත්‍රිය පුරා ගුවන් ප්‍රහාර එල්ල කළ බව ඊශ්‍රායලය පවසයි. මෙම ගැටුම පසුගිය මාසයේ දින 11 ක ගැටුමකින් පසු හටගත් පළමු ප්‍රධාන ගැටුමයි.

ඊශ්‍රායල හමුදාව පැවසුවේ ඔවුන් ගාසා තීරය පාලනය කරන සටන්කාමී කණ්ඩායමක් වන හමාස් සංවිධානයට අයත් පරිශ්‍රයක් ඉලක්ක කරගත් බවයි.

මෙම ගින්දර රැගත් බැලූන අඟහරුවාදා දකුණු දිග ඊශ්‍රායලයේ ස්ථාන 20ක පමණ ගිනිගැනීම් ඇති කළේය.

හමාස් සංවිධානය පැවසුවේ නැගෙනහිර ජෙරුසලමේ බලහත්කාරයෙන් රැදීසිටින සිටින ඊශ්‍රායල ජාතිකවාදීන්ගේ පාගමනකට ප්‍රතිචාරයක් ලෙස ඔවුන් ගින්දර රැගත් බැලූන දියත් කළ බවය.

දෙපාර්ශවයට කිසිදු ජිවිත හානියක් හෝ තුවාල වීමක් සිදු නොවූ අතර බදාදා උදෑසන වන විට නැවතත් සන්සුන් බවක් ඇතිවිණි.

පහරදීම් ගැන අප දන්නේ කුමක්ද?

නිවේදනයක් නිකුත් කරමින් ඊශ්‍රායල ආරක්ෂක හමුදා (අයිඩීඑෆ්) කියා සිටියේ තම ප්‍රහාරක ජෙට් යානා ඛාන් යුනිස් සහ ගාසා නගරයේ හමාස් විසින් මෙහෙයවන ලද හමුදා සංකීර්ණ වලට පහර දී ඇති බවය.

A site in Khan Younis, in the southern Gaza Strip, reportedly hit in an Israeli air strike on 16 June 2021

ඡායාරූප මූලාශ්‍රය, Anadolu Agency

ඡායාරූප ශීර්ෂ වැකිය, මෙම ඊශ්‍රායල ගුවන් ප්‍රහාර, මැයි 21 වන දින ඇති වූ සටන් විරාමය මගින් හමාස් සංවිධානය සමග පැවති ගැටුම් අවසන් කිරීමෙන් පසු හටගත් පළමු ප්‍රහාර වේ

පරිශ්‍රය තුළ "ත්‍රස්තවාදී ක්‍රියාකාරකම්" සිදු වූ බවත්, ගාසා තීරයේ දිගින් දිගටම සිදුවන ත්‍රස්ත ක්‍රියා හමුවේ, සටන් නැවත ආරම්භ කිරීම ද ඇතුළු සියලු තත්ත්වයන්ට මුහුණ දීම සඳහා අයිඩීඑෆ් සූදානම් බවත් එහි සඳහන් විය.

හමාස් ප්‍රකාශකයෙකු ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් කියා සිටියේ පලස්තීනුවන් ජෙරුසලමේ "සිය අයිතිවාසිකම් සහ පූජනීය ස්ථාන ආරක්ෂා කිරීම සදහා නිර්භීත ප්‍රතිරෝධය" දිගටම ක්‍රියාත්මක කරගෙන යන බවය.

අඟහරුවාදා ගාසා තීරයේ සිට ඊශ්‍රායලයට දියත් කළ ගිනි තැබීම්වලට ප්‍රතිචාරයක් ලෙස මෙම ගුවන් ප්‍රහාර එල්ල කළ බව අයිඩීඑෆ් පැවසීය.

A field near Nir Am, in southern Israel, is seen on fire after Palestinians in Gaza sent incendiary balloons over the border (15 June 2021)

ඡායාරූප මූලාශ්‍රය, Reuters

ඡායාරූප ශීර්ෂ වැකිය, ගිනි බෝල අඟහරුවාදා දකුණු ඊශ්‍රායල ප්‍රජාවන්ගේ කෙත්වල ගිනි ඇති කළේය

මෑත වසරවලදී සටන්කාමීන්, දැවෙන ඉන්ධන සහ පුපුරණ ද්‍රව්‍ය බහාලුම් රැගත් බැලූන සහ සරුංගල් ගාසා දේශ සීමාව හරහා යවා ඇත.

මෙම උපකරණ මගින් ඊශ්‍රායලයේ ගිනිගැනීම් සිය ගණනක් ඇති වී ඇති අතර හෙක්ටයාර් දහස් ගණනක් වනාන්තර සහ ගොවිබිම් ගිනිබත් වී තිබේ.

Masked Palestinians launch incendiary balloons from the Gaza Strip towards Israel (15 June 2021)

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

ඡායාරූප ශීර්ෂ වැකිය, පලස්තීන සටන්කාමීන් ඊශ්‍රායලය අසල ගාසා තීරයේ බැලූන දියත් කරමින්

මෙම ගුවන් ප්‍රහාර, බෙන්ජමින් නෙතන්යාහුගේ වසර 12 ක බලය අවසන් කරමින් ඉරිදා බලයට පත්වූ ඊශ්‍රායලයේ නව රජය යටතේ ක්‍රියාත්මක වූ ප්‍රථම ගුවන් ප්‍රහාරය වේ.

නව අගමැති නෆ්තාලි බෙනට් ඊශ්‍රායල දේශපාලනයේ සමස්ත දේශපාලන කොටස්කරුවන්ම නියෝජනය කරන පක්ෂ අටක සන්ධානයකට නායකත්වය දෙන දක්ෂිණාංශික ජාතිකවාදි නායකයෙකි.

2px presentational grey line

පවත්වාගත නොහැකි සටන් විරාමයක් පිළිබඳ මතක් කිරීමක්

ගාසා නගරයේ සිටින බීබීසී ප්‍රවෘත්ති හි රුෂ්ඩි අබු ඇලූෆ් විසිනි

නවතම ගුවන් ප්‍රහාර විනාඩි 10 ක් පමණක් පැවතුනද, මෑතදී සිදුවූ සටන් වලින් පසුව අතීතය අමතක කිරීමට වෙරදරන නගර වැසියන්ට සටන් විරාමය බිඳෙන සුළු එකක් බව මතක් කිරීමට හොදටම ප්‍රමාණවත් ය.

යුද්ධය ගැන මිනිසුන්ට මතක් කර දෙන්නේ මෙහි පිපිරුම් රාවය පමණක් නොවේ, නගරයට සිදුවී ඇති විනාශයේ ප්‍රමාණය දැකබලා ගැනීමට ඔබේ මෝටර් රථයෙන් ගොස් හෝ වීදිවල ඇවිදීමෙන් අවබෝධකරගත හැකිය. ගාසා තීරයේ ප්‍රධාන මාර්ග තවමත් සුන්බුන් ටොන් ගණනකින් අවහිර වේ ඇත.

සටන් විරාමයට පෙර ප්‍රචණ්ඩත්වයේ වැඩිම ගුවන් ප්‍රහාර වලට ලක්වූ රිමාල් ප්‍රදේශයේ කුඩා කරත්තයක් මත රටකජු විකුණන ප්‍රදේශයේ වීදි වෙළෙන්දෙකු වන අබු මුහම්මද් මට මෙසේ පැවසීය: "අපට තවදුරටත් යුද්ධ ඉවසගෙන ඉන්න බෑ. කොරෝනා වෛරස වසංගතය මාස ගණනාවක් තිස්සේ අපගේ වැඩ නතර කළා, අවසාන යුද්ධය අපට විශාල පාඩුවක් ඇති කළේ, මට තවදුරටත් මගේ දරුවන් හය දෙනා පෝෂණය කිරීමට හැකියාවක් නෑ."

නවතම ගුවන් ප්‍රහාරවලට ගොදුරු වූ හමාස් හමුදා භූමියක් අසල ජීවත් වන පුද්ගලයකු මට දුරකථනයෙන් පැවසුවේ දුමාරය ඉහළ යන ආකාරය දැකීම ඉතා බියජනක බවයි.

2px presentational grey line

ජේරුසලමේ පාගමනේදී සිදු වූයේ කුමක්ද?

ජෙරුසලමේ දින ධජ පාගමන යනු 1967 මැද පෙරදිග යුද්ධයේදී පැරණි නගරය සහ එහි ශුද්ධ ස්ථාන පිහිටි නැගෙනහිර ජෙරුසලම අල්ලා ගැනීම සනිටුහන් කරන වාර්ෂික උත්සවයකි.

පලස්තීනුවන් එය දකින්නේ ප්‍රකෝප කිරීමක් ලෙස ය.

අඟහරුවාදා පැවති උත්සවයේදී වැඩි වශයෙන් තරුණ, ජාතිකවාදී ඊශ්‍රායල ජාතිකයන් සිය ගණනක් මුස්ලිම් ප්‍රදේශයට පිවිසෙන ප්‍රධාන පිවිසුම වන පැරණි නගරයේ දමස්කස් ද්වාරය ඉදිරිපිට ඊශ්‍රායල ධජ වනමින්, නටමින්, ගීත ගායනා කළහ.

පසුව ඔවුන් වෙනත් ගේට්ටුවක් හරහා යුදෙව් ආගමේ ශුද්ධස්ථානයක් වූ බටහිර පවුරට ළඟා වීමට ඇතුළු විය.

Israeli nationalists wave Israeli flags outside the Damascus Gate of Jerusalem's Old City (15 June 2021)

ඡායාරූප මූලාශ්‍රය, EPA

ඡායාරූප ශීර්ෂ වැකිය, දමස්කස් ද්වාරය හරහා පැරණි නගරයට ඇතුළු නොවීමට පෙළපාලිකරුවෝ එකඟ වූහ

රුපවාහිනියේ පෙන්වන ලද ජාතිවාදී සටන්පාඨ උච්චාරණය කල පෙළපාලිකරුවන් පිරිසක් ඊශ්‍රායල විදේශ ඇමති යයිර් ලැපිඩ් ගේ දෝෂ දර්ශනයට ලක් විය.

"ඊශ්‍රායල ධජය යටතේ වෛරය සහ වර්ගවාදය නියෝජනය කරන අන්තවාදීන් සිටීම පිළිකුල් සහගත සහ නොඉවසිය හැකි" කරුණක් බවට ලැපිඩ් පැවසීය.

"යමෙකුට ඊශ්‍රායල ධජයක් අතේ තබාගෙන 'අරාබිවරුන්ට මරණය' යනුවෙන් කෑගැසිය හැක්කේ කෙසේද යන්න තේරුම්ගත නොහැකියි," යනුවෙන් ඔහු තවදුරත් පැවසීය.

පාගමනට පෙර නැගෙනහිර ජෙරුසලම ප්‍රදේශයේ සිටි පලස්තීන විරෝධතාකරුවන් විසුරුවා හැරීමට ඊශ්‍රායල පොලිසිය විසින් දුම් අත්බෝම්බ සහ රබර් උණ්ඩ භාවිතකිරිම හේතුවෙන් 30 කට වැඩි පිරිසක් තුවාල ලැබූ අතර 17 දෙනෙක් අත්අඩංගුවට පත්වූහ.

මුලින් ධජ පාගමන මැයි 10 වනදා පැවැත්වීමට නියමිතව තිබුණි. නමුත් දින 11 ගැටුමට හේතු වූ ගාසා තීරයේ හමාස් සටන්කාමීන් ශුද්ධ නගරය දෙසට රොකට් ප්‍රහාර එල්ල කිරීම ඊට බාධාවක් විය.

A Palestinian woman argues with Israelis during a flag march in Jerusalem's Old City (15 June 2021)

ඡායාරූප මූලාශ්‍රය, Reuters

ඡායාරූප ශීර්ෂ වැකිය, පාගමනට විරෝධය දැක්වූ පලස්තීනුවන් පැවසුවේ එය ප්‍රකෝප කිරීමක් බවයි

සටන් විරාමය බලපැවැත්වූ වහාම පාගමන නැවත පවත්වන ලෙස සංවිධායකයෝ ඉල්ලා සිටියහ.

එය පසුගිය බ්‍රහස්පතින්දා පැවැත්වීමට නියමිතව තිබුණද, ආරක්ෂක හේතූන් මත යෝජිත මාර්ගය ලබාදීමට ඊශ්‍රායල පොලිසිය ප්‍රතික්ෂේප කිරීමෙන් පසුව එය අවලංගු කරන ලදී.

දමස්කස් ද්වාරය හරහා යාම වළක්වා ගත හැකි සංශෝධිත මාර්ගයක් පසුව නව ඊශ්‍රායල් රජය විසින් අනුමත කරන ලදී. එහෙත් සන්ධානයේ අරාබි ඉස්ලාමීය රාම් පක්ෂයේ නායකයා එය අත්හිටුවිය යුතු බව කියා තිබුණි.

"භයානක ප්‍රතිවිපාක" ඇතිවිය හැකි බවට" පලස්තීන අධිකාරියේ අගමැති අනතුරු ඇඟවීය.

Map showing Israel, Gaza and the West Bank

පසුගිය මාසයේ ගාසා තීරයේ ගැටුමක් ඇති වූයේ ඇයි?

නැගෙනහිර ජෙරුසලමේ සති ගනනාවක් තිස්සේ පැවති ඊශ්‍රායල-පලස්තීන උණුසුම් තත්ත්වය උත්සන්න වීමෙන් පසුව ගැටුම ආරම්භ වූ අතර එය මුස්ලිම්වරුන් හා යුදෙව්වන්ගේ ගෞරවයට පාත්‍ර වූ ශුද්ධ භූමියක ඇති වූ ගැටුම් වලින් අවසන් විය.

එම ප්‍රදේශයෙන් ඉවත් වන ලෙස අනතුරු ඇඟවීමෙන් පසුව හමාස් සංවිධානය ඊශ්‍රායලයට රොකට් ප්‍රහාර එල්ල කිරීමට පටන් ගත්තේය. එයට ප්‍රතිප්‍රහාර ලෙසගාසා තීරයේ තෝරාගත් ඉලක්ක වෙත ඊශ්‍රායලයෙන් ගුවන් ප්‍රහාර එල්ල කිරීණි.

එක්සත් ජාතීන්ගේ වාර්තාවට අනුව ඊජිප්තු මැදිහත්වීමෙන් සටන් විරාමයක් මැයි 21 දින සිට බලපැවැත්වීමට පෙර ගාසා තීරයේ අවම වශයෙන් පුද්ගලයින් 256 ක් මිය ගිය අතරඊශ්‍රායලයේ පුද්ගලයින් 13 දෙනෙකු ඝාතනය විය.

ගාසා තීරයේ මියගිය අයගෙන් අවම වශයෙන් 128 ක් සිවිල් වැසියන් බව එක්සත් ජාතීන් පවසයි. ඊශ්‍රායල හමුදාව පැවසුවේ මිය ගිය අයගෙන් 200 ක් සටන්කාමීන් බවයි; ගාසා තීරයේ හමාස් නායකයා පැවසුවේ ඝාතනය වූ සටන්කරුවන් සංඛ්‍යාව 80 ක් බවය.

එක්සත් ජාතීන්ගේ වාර්තාවට අනුව ගාසා තීරයේ නිවාස 16,000 කට වැඩි ප්‍රමාණයක්, අත්‍යවශ්‍ය යටිතල පහසුකම් ඇතුලු පාසල් හා පුහුණු මධ්‍යස්ථාන 58 ක්, රෝහල් 9 ක්, සායන 19 ක් විනාශ වී හෝ අලාභහානි වී ඇත.