ඊශ්‍රායල් - පලස්තීන ගැටුම: "මගේ එක දුවෙක් ජීවතුන් අතර කියල දැනගත්තම දෙවියන්ට ස්තුති කළා"

Doctor wipes Suzy's head as she lies in a hospital bed

ඡායාරූප මූලාශ්‍රය, Reuters

පසුගිය ඉරිදා (මැයි 16) එල්ලවූ ඊශ්‍රායල් ගුවන් ප්‍රහාරයකට සය හැවිරිදි සුසීගේ නිවස ගොදුරු විය. ගාසා තීරයට මේ ප්‍රහාරය පතිත වූයේ හිමිදිරි යාමයේදී ය.

ප්‍රහාරයෙන් කඩා වැටුණු නිවසේ සුන්බුන්වලට සුසී එශ්කුන්ටානා ගේ පවුලේ සියලුදෙනා යට වූහ. සුසී සහ ඇයගේ පියාගේ ජීවිත බේරා ගැනීමට හැකි වුණත් මව සහ අනෙක් දරුවන් සිව් දෙනා මරණයට පත් වූහ.

Aerial view of rubble where Suzy's home once stood

ඡායාරූප මූලාශ්‍රය, Reuters

මේ පලස්තීන ජාතික පවුල ජීවත් වූ නිවාසය ගුවන් ප්‍රහාරයෙන් විනාශ විය.

ගාසා තීරයේ බලධාරීන් පවසන්නේ පසුගිය දිනවල ඊශ්‍රායලය එල්ල කළ ප්‍රහාරවලට ගොදුරු වී ගාසා තීරයේ කාන්තාවන් සහ ළමුන් 100 කට වැඩි පිරිසක් මිය ගිය බවය.

පුද්ගලයින් 250 දෙනෙකුට වැඩි පිරිසක් මියගිය දින 11 ක ප‍්‍රහාර අවසන් කරමින් සටන් විරාමය සිකුරාදා අලුයම ආරම්භ විය.

මියගිය අයගෙන් වැඩි දෙනෙක් ගාසා තීරයේ ජීවත්වූහ.

Men gather around rubble looking for survivors

ඡායාරූප මූලාශ්‍රය, Reuters

ඊශ්‍රායලය පවසන්නේ, ජනාකීර්ණ ගසා තීරය පාලනය කරනු ලබන ඉස්ලාමීය හමාස් කැරලිකරුවන්ට තමන් ප්‍රහාර එල්ල කරමින් සිටින බවය.

හමාස් කැරලිකරුවන්, ඉස්ලාමීය ජිහාඩ් කැරලිකරුවන් සහ තවත් සන්නද්ධ කණ්ඩායම් එක්වී ඊශ්‍රායලය දෙසට රොකට් ප්‍රහාර දහස් ගණනක් එල්ල කර තිබේ.

A man looks up from underneath the rubble

ඡායාරූප මූලාශ්‍රය, Reuters

සුසී ගේ නිවාස තිබුණේ, ඊශ්‍රායල් ප්‍රහාරයට ලක්වූ ගසා තීරයේ කැරලිකරුවන්ගේ උමං පද්ධතිය පවතින ප්‍රදේශයේම ය.

ඊශ්‍රායල් හමුදාව ප්‍රකාශ කළේ, උමං පද්ධතිය බිඳ වැටීමේදී ඊට ඉහළින් තිබූ නිවාස බිඳ වැටීම නිසා "සිවිල් වැසියන්ට අනපේක්‍ෂිත හානි" සිදු වූ බවය.

Suzy is pulled out from the rubble alive

ඡායාරූප මූලාශ්‍රය, Reuters

බේරාගැනීමේ මෙහෙයුම් දියත් වෙමින් තිබියදී සහන සේවකයන්, පොලිස් නිලධාරීන්, අසල්වැසියන් සහ ඥාතීහු සුසී ගේ නිවස තිබූ ස්ථානයට පැමිණියහ.

සුසී ගේ නිවසේ සුන්බුන් අතර කිසිවෙකු සිටීදැයි ඔවුහු සොයමින් සිටියහ. පැය කීපයක් ගතවිය. එකවරම "අල්ලාහු අක්බර්" යනුවෙන් පිරිසක් කෑගසන්නට වූහ. එයින් ඇඟවෙන්නේ කිසිවෙකු ජීවතුන් අතර සිටින බවකි.

Suzy cries as she is lifted to safety surrounded by rescue workers

ඡායාරූප මූලාශ්‍රය, Reuters

දූවිල්ලෙන් වැසුණු සුසී සුන්බුන් අතරින් එළියට ගෙන ගිලන් රථය දෙසට ඔසවාගෙන යද්දී හඬා වැටෙන්නට වූවාය. ඇයට හිස ඔසවා ගැනීමට තරම්වත් ශක්තියක් නොවීය.

තවත් කීප දෙනෙකු රෝහලවෙත රැගෙන එමින් තිබියදී ඔවුන්ගේ විස්තර සොයා බැලීමට සුසීගේ ඥාතීහු යුහුසුළු වූහ.

සුසිගේ බාල සොහොයුරා මියගොස් ඇති බව වෛද්‍යවරු පැවසුහ. ඔහුගේ වයස අවුරුදු හතරකි.

තවත් ටික වෙලාවකින් සුසීගේ අනෙක් සොහොයුරාගේ සහ සොයුරියන් දෙදෙනාගේ මල සිරුරු රෝහල වෙත ගෙන ආහ.

Suzy is examined by a doctor

ඡායාරූප මූලාශ්‍රය, Reuters

සුසී දෑස් අයා බලා සිටීම අස්වැසිල්ලක් විය. වෛද්‍යවරු තවදුරටත් ඇය පරීක්ෂා කිරීම සඳහා 'එක්ස් රේ' ඡායා පිටපත් ලබා ගැනීමට කටයුතු කළහ.

තැලීම් සීරීම් හැරෙන්නට බරපතළ හානියක් සුසීට සිදුවී නොමැති බව වෛද්‍යවරු දැනුම් දුන්හ.

Suzy's father Riyad Eshkuntana was also rescued

ඡායාරූප මූලාශ්‍රය, Reuters

සුසීගේ පියා වන රියාද් ද සුන්බුන් අතරින් බේරා ගෙන තිබුණි.

තම නිවස පිහිටි ගොඩනැගිල්ලේ වෛද්‍යවරුන් ද විසූ හෙයින් තමන්ගේ දරුවන් සහ බිරිඳ ආරක්ෂිතව ඇතැයි විශ්වාස කළ බව රියාද් පැවසීය.

මෙම ප්‍රහාරය එල්ල වන මොහොතේදී තම දරුවන් සහ බිරිඳ ආරක්‍ෂිත කාමරයක් තුළට දැමූ බව ද ඔහු ප්‍රකාශ කළේය.

"මට ඇහුණා මගේ පුතා සායින් 'තාත්තේ, තාත්තේ' කියල කෑගහනවා. ඒත් මට එයා දිහා හැරිලා බලන්න විදියක් නැතිවුනා, මාව හිරවෙලා හිටියේ."

Riyad Eshkuntana lies next to his daughter in hospital

ඡායාරූප මූලාශ්‍රය, Reuters

රෝහලේ සිටින තම දියණිය - සුසී - රියාද් ට යළි හමුවිය.

ප්‍රහාරය එල්ල වීමට මොහොතකට පෙර සිදුවූ දේ රියාද් ට හොඳින් මතක තිබේ.

"මම දුවල ගියා ළමයි ඉන්න තැනට. මගේ බිරිඳ ඒ අය අතරට පැනල ළමයි ටික බදා ගත්ත. ළමයි ටික කාමරෙන් එළියට ගන්න උත්සාහ කරනකොට ම දෙවෙනි ප්‍රහාරය කාමරේට වැටුණා."

"මාව බිම වැටුණා. සිවිලිම කඩා වැටුණා. මාව සුන්බුන්වලට යට වුණා. මගේ බිරිඳගේ අවසාන මොහොත මම දැක්ක; ඇයව විසිවෙලා ගිහින් බිම වැටුණා. ඇගේ ඔලුවට කොන්ක්‍රීට් එකක් කඩා වැටුණා. අපි හිතුවේ නැහැ සිවිලිමයි බිත්තියි කඩා වැටෙයි කියල."

Riyad Eshkuntana kisses his daughter's hand

ඡායාරූප මූලාශ්‍රය, Reuters

රියාද් ගේ හිසට වෙළුම්පටි දමා ඇත.

"මුලදී නම් මට හිතුණේ මාවත් මරුණ නම් හොඳයි කියල" සිය දියණිය අසල වැතිර සිටි රියාද් පැවසීය.

"මට මුළු විශ්වය ගැනම විශාල කෝපයක් ඇතිවුණා. ඒත් මගේ එක දුවෙක් ජීවතුන් අතර ඉන්නවා කියල දැනගත්ත වෙලේ මම දෙවියන්ට ස්තුති කළා."