චීන ආරක්ෂක ඇමතිවරයාගේ ශ්‍රී ලංකා සංචාරය පිටුපස "විශේෂ හේතුවක්" තිබේද?

වීඩියෝ ශීර්ෂ වැකිය, චීන ආරක්ෂක ඇමතිවරයාගේ ශ්‍රී ලංකා සංචාරය පිටුපස "විශේෂ හේතුවක්"

චීන ආරක්ෂක අමාත්‍ය ජෙනරාල් වෙයි ෆෙන්ග්හි නිල සංචාරයක් සඳහා ශ්‍රී ලංකාවට පැමිණියේ කොළඹ වරාය නගර ආර්ථික කොමිෂන් සභා පනත් කෙටුම්පත හරහා එම භූමීය චීන කොලනියක් බවට පත් වෙතැයි චෝදනා එල්ල වන පසුබිමකදීය.

එසේම අදාළ සංචාරය යෙදී තිබුණේ අසල්වැසි ඉන්දියාව කෝවිඩ් ව්‍යසනයකට මුහුණ දී සිටින අතරතුරදීය.

ද්වීපාර්ශ්වික සාකච්ඡා සඳහා ඔහු පැමිණි බව පැවසුණ ද සංචාරයේ නිශ්චිත අරමුණ කුමක්දැයි විපක්ෂයේ ඇතැම් කණ්ඩායම් ප්‍රශ්න කරති.

චීනය ශ්‍රී ලංකාව වෙත තවත් RMB මිලියන 50ක හමුදා ආධාර ලබා දීමට එකඟ වූ බව චීන ආරක්ෂක අමාත්‍යවරයා අගමැති මහින්ද රාජපක්ෂ ඇතුළු ශ්‍රී ලංකා රජයේ නියෝජිතයන් අතර පැවති හමුවේදී පැවසීය.

"ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සහ අගමැතිවරයා වන ඔබගේ නායකත්වය යටතේ ශ්‍රී ලංකාව දේශපාලන ස්ථාවරභාවය සහ සමාජීය සමගිය පවත්වාගෙන ඇති අතර ස්ථීරසාර ආර්ථික වර්ධනයක් බුක්ති විඳිමින් සිටිනවා,"

"එසේම ශ්‍රී ලංකාවේ ජනතාව වඩාත් හොඳ සහ ප්‍රීතිමත් ජීවිතයක් කරා එළඹෙමින් සිටිනවා,"

"උපායමාර්ගික අන්‍යොන්‍ය විශ්වාසය ශක්තිමත් කිරීමටත් සහයෝගීතාව සහ ඒකාබද්ධ මිත්‍රත්වය තර කිරීමටත් රාජ්‍යයන් දෙක අතර වැදගත් එකඟතා ක්‍රියාත්මක කිරීම සඳහා පියවර ගැනීම මාගේ සංචාරයේ අරමුණයි." යනුවෙන් චීන ආරක්ෂක ඇමතිවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

මේ ගැනත් කියවන්න: