ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
සූවස් ඇළ තත්ත්වයේ ඡායාරූප: ඊජිප්තු සූවස් ඇළේ සිරවූ නැව ගලවා ගැනීමේ ප්‍රයත්නය
අඟහරුවාදා (මාර්තු 23) සිට ඊජිප්තුවේ සූවස් ඇළ හරස් කරමින් අවහිර වී ඇති මීටර 400ක් (අඩි 1300) ක් දිග 'එවර් ගිවන්' නම් බහාලු ප්‍රවාහන නෞකාව යළි පාකරන තත්ත්වයට ගෙන ඒමේ ප්‍රයත්නය තවදුරටත් ක්‍රියාත්මක වෙමින් පවතී.
නැව් බඳෙහි ඉදිරි කොටස සිරවී ඇති වැලි හා පස් ඉවත් කිරීම සඳහා හෑරුම් යන්ත්‍ර ක්‍රියා කරන අතරේ නැව හැසිරවීමට නැවේ තිරිංග සහ ටග් යාත්‍රා යොදවා ඇත.
මේ සිදුවීම හේතුවෙන් සූවස් ඇළ හරහා කෙරෙන ගමනාගමනයට එල්ලවූ බලපෑම සම්බන්ධයෙන් සමාව යදින බව නෞකාවේ හිමිකාරීත්වය ඇති ෂෝයි කින්සෙන් (Shoei Kinsen) නම් ජපාන සමාගම බ්‍රහස්පතින්දා පැවසීය.
ප්‍රදේශයේ බලධාරීන් සහ නැවේ මෙහෙයුම්කරුවන් සමග එක්ව ගැටලුව විසඳීම සඳහා කළ හැකි උපරිම දේ ඉටු කරන බව කී එම සමාගම එසේ වුවත් එය අතිශයින් ම දුෂ්කර බව සඳහන් කළේය.
සියලු ඡායාරූප හිමිකම්වලට යටත් ය.