ජෝ බයිඩන් නව ජනපති ලෙස දිවුරුම් දෙයි: "මම හැම ඇමෙරිකානු වැසියෙකුගේම ජනපති වෙනවා"

ඡායාරූප මූලාශ්‍රය, Getty Images
ඇමෙරිකා එක්සත් ජනපදයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුගමනය කරන බවට සහ ආරක්ෂා කරන බවට ප්‍රතිඥා දෙමින්, ජෝසෆ් ආර් බයිඩන් ජූනියර් (ජෝ බයිඩන්) එරට 46 වෙනි ජනාධිපතිවරයා ලෙස දිවුරුම් දුන්නේය.
වොෂිංටන් අගනුවර කැපිටල් මන්දිරය අභියස දී ඔහු දිවුරුම් දුන්නේ අගවිනිසුරු ජෝන් රොබට්ස් ඉදිරියේය.
දිවුරුම් දීමෙන් අනතුරුව අදහස් දැක්වූ නව ජනාධිපතිවරයා, සියලු අභියෝග මැද ප්‍රජාතන්ත්‍රවාදය ජයග්‍රහණය කළ බව කියා සිටියේය.
"අද ඇමෙරිකාවේ දිනය. අද ප්‍රජාතන්ත්‍රවාදයේ දිනය," ඔහු පැවසීය.
ජනාධිපති ජෝ බයිඩන් අවධාරණය කළේ, අදහස්, දේශපාලනය සහ මතවාද අතර කෙතරම් විෂමතා පැවතිය ද ඇමෙරිකානුවන් වශයෙන් තමන්ට එකමුතුව කටයුතු කළ හැකි බවය.
"මම හැම ඇමෙරිකානු වැසියෙකුගේම ජනපති වෙනවා, හැම ඇමෙරිකානු වැසියෙකුගෙම," ඔහු ප්‍රතිඥා දුන්නේය.

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

කෝවිඩ්19 වසංගතයෙන් මියගිය ලක්ෂ හතරකට අධික එක්සත් ජනපද වැසියන් වෙනුවෙන් විනාඩියක නිශ්බ්දතාවක් පළ කළ නව ජනපතිවරයා ජාතික සමගියේ වැදගත්කම දිගින් දිගටම අවධාරණය කළේය.
"අනාගතයට මාර්ගය එකමුතු කමයි."
කමලා හැරිස්
ජනාධිපතිවරයා දිවුරුම් දීමට ප්‍රථම ඇමෙරිකා එක්සත් ජනපදයේ පළමු උප ජනාධිපතිවරිය ලෙස කමලා දේවී හැරිස් දිවුරුම් දුන්නාය.
ඉන්දීය සහ කැරිබියානු සම්භවයකින් යුත් ඇය, එක්සත් ජනපදයේ උප ජනපති පදවියට පත්වූ පළමු සුළු ජාතිකයායි.
කමලා හැරිස් උප ජනාධිපති පදවියට පත්වීම ගැන අදහස් දැක්වූ ජනාධිපති ජෝ බයිඩන්, බොහෝ දේ වෙනස් කළ හැකි බවට එය කදිම සාක්ෂියක් බව සඳහන් කළේය.

ඡායාරූප මූලාශ්‍රය, Getty Images
රට පුරා රූපවාහිනී නාලිකා සහ සමාජ මාධ්‍ය ජාල ඔස්සේ දිවුරුම් දීම් උත්සවය සජීව ලෙසින් විකාශය කෙරිණ.
ජෝ බයිඩන් ගේ දිවුරුම් දීමේ කමිටුව ද සිය ට්විටර් ජාලය ඔස්සේ එය විකාශය කළේය.
මෙම ලිපියේ X විසින් සපයන ලද අන්තර්ගතයන් අඩංගු වේ. ඔවුන් කුකීස් සහ වෙනත් තාක්ෂණයන් භාවිතා කරන නිසා, ඒ කිසිවක් පූරණය වීමට පෙර අපි ඔබගේ අවසරය ඉල්ලා සිටිමු. එයට අවසරදීමට පෙර ඔබට X කුකී ප්‍රතිපත්තිය සහ රහස්‍යතා ප්‍රතිපත්තිය කියවීමට අවශ්‍ය විය හැකි ය. මෙම අන්තර්ගතය බැලීමට 'පිළිගෙන ඉදිරියට යන්න' තෝරන්න.
End of X post
ජනාධිපති ඩොනල්ඩ් ට්‍ර්ම්ප් දිවුරුම් දීමේ උත්සවයට සහභාගි නොවූ නමුත් උප ජනාධිපති මයික් පෙන්ස් එයට සහභාගි වී නව ජනාධිපතිවරයාට සුබ පැතීය.
බරක් ඔබාමා, ජෝජ් ඩබ් බුෂ් සහ බිල් ක්ලින්ටන් යන හිටපු ජනාධිපතිවරු ද, ඔවුන්ගේ ආර්යාවන් ද උත්සවයට එක්ව සිටියහ.

වයෝවෘද්ධ 96 හැවිරිදි හිටපු ජනාධිපති ජිමී කාටර් තමන්ට දුරකතනයෙන් අමතා සුබ පැතූ බව නව ජනාධිපති ජෝ බයිඩන් පැවසීය.
නව ජනාධිපතිවරයා පදවියේ දිවුරුම් දීමට ප්‍රථම ලේඩි ගාගා ජාතික ගීය ගායනා කළ අතර, ජෙනිෆර් ලෝපෙස් උත්සව සභාව පිනවූවාය. තවත් බොහෝ කලාකරුවෝ ද ආරාධිතයන් අතර සිටියහ.

ඡායාරූප මූලාශ්‍රය, Reuters
කියවන්න:
දැඩි ආරක්ෂාව
ඇමෙරිකානු ජනාධිපතිවරයකු දිව්රුම්දීමේ උත්සවය වෙනුවෙන් මනාව සැලසුම්කරන ලද ආරක්‍ෂක වැඩ පිළිවෙලක් සාම්ප්‍රදායිකව ක්‍රියාත්මක කෙරෙන නමුත්, ජනාධිපති ට්‍රම්ප්ගේ ආධාරකරුවන් වන මැර කල්ලියක් ජනවාරි මස හයවෙනිදා ඇමෙරිකානු කොංග්‍රස් මණ්ඩලය පිහිටි 'කැපිටල්' මන්දිරයට කඩා වැදී එල්ලකරන ලද ප්‍රහාරය හේතුවෙන් මෙවර ඊට වඩා වැඩි ආරක්ෂක රැකවරණ සැලසුම් කරනු ලැබ තිබිණ.
ඒ අනුව වොෂිංටන් නගරයේ විශාල කොටසක් වසාදමනු ලැබ තිබිණ. පහළොස් දහසක පමණ ජාතික ආරක්‍ෂක බලකායේ සහයෝගය ලබන ඇමෙරිකානු රහස්‍ය අංශය (Secret Service) ආරක්‍ෂක සැලසුම භාරව කටයුතු කළ අතර, ඊට අතිරේකව, දහස් ගණනක් පොලිස් බලකායක් ද නිරත කොට සිටිති.
නව ජනාධිපතිවරයකු දිව්රුම්දෙන උත්සවයකට ලක්ෂ ගණනින් මහජනයා වොෂිංටනයට ගලාඑම සාමාන්‍ය තත්ත්වයයි.
එහෙත් කොරෝනා වසංගතය සහ 'කැපිටල් ' මන්දිරයට එල්ල වූ මැර ප්‍රහාරය හේතුවෙන් මහජනතාව අගනුවරට ඒම දැඩිව සීමාකර තිබිණ.
තවත් ලිපි:








