ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්‍රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
'ඔන්ලයින් අධ්‍යාපනය': පාරුවේ නැග 'ඉන්ටර්නෙට්' සොයා යන දරුවෝ
'ඔන්ලයින් අධ්‍යාපනය' ලැබීම සඳහා අන්තර්ලයට සම්බන්ධ වීමට කිලෝමීටර් හතරකට වඩා දුරක් ගොස් ගස්ගල් උඩ නැගීමට අධ්‍යාපනය ලැබීමට සිදුව ඇති දරුවන් පිරිසක් රත්නපුර දිස්ත්‍රික්කයට අයත් කලාවන, වැවගම ගම්මානයේ ජීවත් වෙති.
එම ගමට දුරකථන පහසුකම් පවා හරිහැටි නොමැත.
එබැවින් ඇතැම් දරුවෝ පාරුවක් ආධාරයෙන් ගගෙන් එගොඩවී, බස් රථයෙන් 10km පමණ දුරගෙවා ගෙන සිය ඥාති හිතමිතුරන්ගේ නිවාසවල රැඳෙමින් අධ්‍යාපනය ලබති.
COVID-19 තත්ත්වය හමුවේ බොහෝ අධ්‍යාපන කටයුතු අන්තර්ජාලය ඔස්සේ සිදු කෙරුණ බැවින් තමන්ට එම අවස්ථාව අහිමිවීමට ඉඩ නොතබන ලෙස මෙම දරුවෝ බලධාරීන්ගෙන් ඉල්ලා සිටිති.
මේ පිළිබඳව බීබීසී සිංහල සේවය කළ විමසීමකදී විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල් ඕෂද සේනානායක පැවසුවේ 'ගමට සන්නිවේදනය' ව්‍යාපෘතිය යටතේ දැනටමත් ආවරණ කලාප වැඩි කෙරෙන අතර, 2021 මාර්තු 31 වැනිදා වන විට මෙම ගැටලුව විසඳීමට හැකිවන බවය.
නිෂ්පාදනය/ පටිගත කිරීම/ සංස්කරණය: ෂර්ලි උපුල් කුමාර