කොරෝනා වෛරසය: බිලියන හතකට එන්නත් ලබා දෙන්නේ කෙසේද?

A Sri Lankan nurse injects a vaccine against the H1N1 or swine flu influenza at a hospital in Colombo on December 29, 2010. The Health Ministry said swine flu has killed 22 people and infected 371 people over the past two months. It blamed recent heavy rains and the onset of cold weather for spreading the influenza that affects peoples' lungs and triggers off a strain of viral pneumonia. AFP PHOTO/Ishara S. KODIKARA (Photo credit should read Ishara S.KODIKARA/AFP via Getty Images)

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

කෝවිඩ්-19 ට එරෙහිව වඩාත් හොඳින් ක්‍රියාත්මක විය හැකි එන්නතක් වැඩිදියුණු කිරීම සඳහා ලොව වටා පර්යේෂණ කණ්ඩායම් වෙහෙසෙමින් සිටිති.

බ්‍රිතාන්‍ය අගමැති බොරිස් ජොන්සන් විසින් එය හඳුන්වනු ලැබුවේ "අප ජීවිත කාලයේ හදිසිම සාමූහික ප්‍රයත්නය" ලෙසය.

ජයග්‍රාහී රසායනික වට්ටෝරුව සොයා ගැනීමේ විද්‍යාත්මක අධි තාක්ෂණය හැරුණු කොට ලොව බිලියන හතක ජනගහනයක් වෙත එවැනි එන්නතක් බෙදා හැරීම සඳහා ඇති සැලසුම කුමක්ද?

එක්සත් රාජධානිය තුළ ඒ සම්බන්ධයෙන් සැලසුම් සකස් කරන ප්‍රධාන මධ්‍යස්ථානය හාවෙල් සයන්ස් කැම්පස් ආයතනයයි. එය පිහිටා ඇත්තේ ඔක්ස්ෆර්ඩ්ෂයර් හි පිහිටි රාජකීය ගුවන් හමුදාවට අයත්ව තිබූ කඳවුරකය. එය එක්සත් රාජධානියේ එන්නත් නිෂ්පාදන සහ නොවෝත්පාදන මධ්‍යස්ථානය බවට පත් වනු ඇත.

"සැලසුම් ගත කාලය අඩකට ආසන්න ප්‍රමාණයකින් අඩු කර තිබෙනවා. කෙසේ වෙතත් එය 2022 අග වන විට සූදානම් වේවි යයි බලාපොරොත්තු වෙනවා. 2021 වන විට අන්තර්ජාලයට එක් කර ගත හැකි වෙතයි අපි අපේක්ෂා කරනවා," යනුවෙන් එන්නත් නිෂ්පාදන සහ නවෝත්පාදන මධ්‍යස්ථානයේ ප්‍රධාන විධායක නිලධාරී මැතිව් ඩුචර්ස් පැවසීය.

'කේක් පුළුස්සනවා හා සමානයි'

ඔක්ස්ෆර්ඩ් විද්‍යාලය විසින් වැඩිදියුණු කරනු ලබන එන්නත සිය මධ්‍යස්ථානයේදී නිෂ්පාදනය විය හැකි බව ඔහුගේ විශ්වාසයයි. ඔක්ස්ෆර්ඩ් හි ජෙනර් ආයතනය සමග ඔහු ඒ සම්බන්ධයෙන් නිරතුරුව අදහස් හුවමාරු කර ගනියි.

එය දැවැන්ත වගකීමක් බව මැතිව් ඩුචර්ස් පවසයි.

"රටක් වශයෙන් පමණක් නොවෙයි ජාත්‍යන්තර වශයෙනුත් මේ ආකාරයේ එන්නත් ඉතාමත් ඉක්මනින් සහ කාර්යක්ෂමව නිෂ්පාදනය කිරීමට හැකි වීම සම්බන්ධයෙන් එය අතිශය වැදගත්." යනුවෙන් ඔහු සඳහන් කළේය.

"මේක හරියට නිවසේදීම කේක් ගෙඩියක් පුළුස්ස ගන්නවා හා සමාන වැඩක්. පරිපූර්ණ කේක් ගෙඩියකක් පුළුස්ස ගන්න පැය ගණනක් වැය විය හැකියි. ඊට පසු බැහැර ගිහින් ඒ වගේ කේක් මිලියන හැත්තෑවක් පිලිස්සිය යුතුයි. ඒ සියල්ල අංගසම්පූර්ණ විය යුතුයි. ඒ නිසා මේක තරමක අභියෝගයක්."

ගෝලීය මට්ටමින් සිදු කරන අත්හදා බැලීම්වල ප්‍රතිඵල දැන ගැනීමටත් පෙරම, එන්නත් නිෂ්පාදනය ආරම්භ කිරීම සඳහා අවශ්‍ය ප්‍රමාණවත් තාවකාලික විද්‍යාගාර පහසුකම් සොයා ගැනීමට ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාලයට සිදු විය.

අවසානයේදී වර්ග කිහිපයක කෝවිඩ්-19 එන්නත් මාත්‍රා බිලියන ගණනක් මනුෂ්‍ය වර්ගයාට අවශ්‍ය වනු ඇත. ඒ සියල්ල මහා පරිමාණයෙන් නිෂ්පාදනය කිරීම, බෙදා හැරීම සහ පරිහරණය කිරීම ගෝලීය මට්ටමින් සිදු කළ යුතුය.

එන්නත බෙදා හරින ආකාරය පිළිබඳ දැන් පටන් සිතා බලන ලෙස දුගී රටවල ප්‍රතිශක්තීකරණය සම්බන්ධයෙන් කටයුතු කරන ගැවී (Gavi) ආයතනය රටවලින් ඉල්ලා සිටී.

නමුත් ඒ සඳහා ජාත්‍යන්තර මට්ටමින් සහය ලබා ගැනීම පහසු නොවිය හැක. මක්නිසාද යත් කොරෝනා වෛරසය සඳහා නිශ්චිත එන්නතක් සොයා ගනු ලැබුවහොත් ප්‍රමාණවත් මට්ටමින් සැපයුම් ලබා ගැනීම සඳහා ලොව ධනවත් රටවල් මේ වන විටත් ඖෂධ නිෂ්පාදන සමාගම් සමග ගිවිසුම්වලට එළඹෙමින් සිටින බැවිනි.

"එන්නත් ජාතිකවාදය"

A trial of the Oxford vaccine in South Africa

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

ඡායාරූප ශීර්ෂ වැකිය, ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාලයේ වැඩිදියුණු කළ එන්නත දකුණු අප්‍රිකාවේ රෝගීන්ට ලබා දෙයි

ඊනියා "එන්නත් ජාතිකවාදය" තමා මුහුණ දෙන විශාලතම අභියෝගවලින් එකක් බව ගැවී ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරී සෙත් බර්ක්ලි පවසයි.

"මම හිතනවා ලොව සියලුම රටවල් මෙය ගෝලීය මට්ටමින් සිතා බැලිය යුතු බව. විශේෂයෙන් කළ යුතු නිවැරදි දේ එයයි. ඒ වගේම එය ආත්මාර්ථකමීත්වය පිළිබඳ කාරණයක්," යනුවෙන් ඔහු සඳහන් කළේය.

"අවට රටවල විශාල වශයෙන් වෛරසය පැතිර යනවා නම් සාමාන්‍ය ලෙස ව්‍යාපාර, ප්‍රවාහනය සහ මිනිසුන් එහෙ මෙහෙ යාම කරගෙන යාමට නොහැකියි. 'සියලු දෙනාම ආරක්‍ෂිත නොවන්නේ නම්, අප කිසිවෙකුත් ආරක්‍ෂිත නැහැ' කියන මානසිකත්වයෙන් ඒ දෙස බැලීම වැදගත්."

සංවර්ධිත රටවලට ද නිසි එන්නත් ලබා ගැනීමේ අවස්ථාව හිමි කර දීමට කටයුතු කරන අතරේ ලොව පුරා එන්නත් ගබඩා කිරීමට අවශ්‍ය කුඩා කුප්පි ප්‍රමාණවත් මට්ටමින් පවතීදැයි යන්න ඇතුළු ඒවා බෙදාහැරීම සම්බන්ධයෙන් ද සෙත් බර්ක්ලි සිතා බැලිය යුතුය.

"අපි ඒ පිළිබඳ කනස්සල්ලෙන් හිටියේ," ඔහු පවසයි. " අපි ඉදිරියට අඩියක් තබා මාත්‍රා බිලියන දොළහකට ප්‍රමාණවත් කුඩා කුප්පි මිලට ගත්තා. 2021 අග වන විට එපමණ මාත්‍රා සංඛ්‍යාවක් සූදානම් කළ හැකි වෙතැයි අපි අපේක්ෂා කරනවා."

වීදුරු කුප්පි ගැටළුවක් බවට පත්වුවහොත් ශීතකරණ සම්බන්ධයෙන් ද ගැටළු මතු විය හැක. මක්නිසාද යත් බොහෝ එන්නත් අඩු උෂ්ණත්වයක් යටතේ ගබඩා කර තබා ගත යුතුය.

සිසිල්ව තබා ගැනීම

Vaccine in glass vial

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

ඡායාරූප ශීර්ෂ වැකිය, වීදුරු කුප්පි මෙන්ම ශීතකරණ ද විශාල වශයෙන් අවශ්‍ය වනු ඇත

නිෂ්පාදන නිශ්චිත ශීතලක් යටතේ ගබඩා කර තබා ගැනීම සහ බෙදාහැරීම පිළිබඳ විශේෂඥයෙකු වන බර්මින්හැම් විශ්වවිද්‍යාලයේ මහාචාර්ය ටෝබී පීටර්ස් ගැවී වැනි ආයතනවලට සිය සහාය ලබා දෙයි. සංවර්ධනය වෙමින් පවතින රටවල දැනට පවතින ශීතකරණ උපරිම මට්ටමකින් ප්‍රයෝජනයට ගන්නේ කෙසේදැයි යන්න පිළිබඳ ඔහුගේ අවධානය යොමුව ඇත.

"එය එන්නත් ගබඩා කරන ශීතකරණ පිළිබඳ කාරණයක් පමණක් නොවෙයි. අනෙක් පියවරත් ඊට අදාලයි. ගුවන් යානා වෙත ඒවා ගෙන යන පැලට්, ප්‍රාදේශීය ඖෂධසල් වෙත ඒවා රැගෙන යන රථ, ඉන් පසු ඒවා ජනතාව වෙත ගෙන යන යතුරුපැදි සහ පුද්ගලයන් ඊට ඇතුළත්. මේ සියල්ල හරිහැටි සිදුවිය යුතුයි."

මේ යෝධ ව්‍යාපෘතිය සඳහා අවශ්‍ය ශීත ගබඩා තාවකාලිකව ලබා ගැනීමට ඇති හැකියාව සම්බන්ධයෙන් මහාචාර්ය පීටර්ස් ජාත්‍යන්තර මට්ටමේ ආහාර සහ බීම සමාගම් සමග සාකච්ඡා කර තිබේ.

එන්නත වඩාත් පහසුවෙන් බෙදා හැරීම සඳහා සිය ප්‍රජාවන් අතරින් ප්‍රමුඛත්වය ලබා දිය යුත්තේ කාටදැයි යන්න රටවල් විසින් හඳුනා ලැබ ගත යුතුව ඇත.

නිෂ්පාදන නිශ්චිත ශීතලක් යටතේ ගබඩා කර තබා ගැනීම සහ බෙදාහැරීම පිළිබඳ විශේෂඥයෙකු වන බර්මින්හැම් විශ්වවිද්‍යාලයේ මහාචාර්ය ටෝබී පීටර්ස් ගැවී වැනි ආයතනවලට සිය සහාය ලබා දෙයි. සංවර්ධනය වෙමින් පවතින රටවල දැනට පවතින ශීතකරණ උපරිම මට්ටමකින් ප්‍රයෝජනයට ගන්නේ කෙසේදැයි යන්න පිළිබඳ ඔහුගේ අවධානය යොමුව ඇත.

"එය එන්නත් ගබඩා කරන ශීතකරණ පිළිබඳ කාරණයක් පමණක් නොවෙයි. අනෙක් පියවරත් ඊට අදාලයි. ගුවන් යානා වෙත ඒවා ගෙන යන පැලට්, ප්‍රාදේශීය ඖෂධසල් වෙත ඒවා රැගෙන යන රථ, ඉන් පසු ඒවා ජනතාව වෙත ගෙන යන යතුරුපැදි සහ පුද්ගලයන් ඊට ඇතුළත්. මේ සියල්ල හරිහැටි සිදුවිය යුතුයි."

මේ යෝධ ව්‍යාපෘතිය සඳහා අවශ්‍ය ශීත ගබඩා තාවකාලිකව ලබා ගැනීමට ඇති හැකියාව සම්බන්ධයෙන් මහාචාර්ය පීටර්ස් ජාත්‍යන්තර මට්ටමේ ආහාර සහ බීම සමාගම් සමග සාකච්ඡා කර තිබේ.

එන්නත වඩාත් පහසුවෙන් බෙදා හැරීම සඳහා සිය ප්‍රජාවන් අතරින් ප්‍රමුඛත්වය ලබා දිය යුත්තේ කාටදැයි යන්න රටවල් විසින් හඳුනා ලැබ ගත යුතුව ඇත.

ඉදිරියෙන්ම සිටින්නේ කවුරුන්ද?

Glass vials

ඡායාරූප මූලාශ්‍රය, Reuters

ලොව රටවල් ඒ සම්බන්ධයෙන් සෘජු ප්‍රශ්න අසනු ඇති බව එක්සත් රාජධානියේ පර්යේෂණ සම්බන්ධ සුබ සාධන ආයතනයක් වන 'වෙල්කම් ට්‍රස්ට්' හි එන්නත් පිළිබඳ ප්‍රධානී ආචාර්ය චාලි වෙලර් පවසයි.

"මේ එන්නත අවශ්‍ය කාටද? වැඩිම අනතුරක් සහිත කණ්ඩායම් මොනවාද? ප්‍රමුඛත්වය ලබා දිය යුත්තේ කාටද?, මොකද ඕනෑම මුල්ම එන්නතක් අවසන් වීමට ඉඩ ඇති බව අපට පැහැදිලියි. ඒ නිසා අප තෝරා ගැනීම් සිදු කළ යුතු වෙනවා."

එමෙන්ම එන්නත් ලබා දීම ද අභියෝගයක් වනු ඇත.

උදාහරණයක් වශයෙන් එක්සත් රාජධානිය සිය ජනයා එම ක්‍රියාවලියට යොදා ගැනීම සඳහා තම ඡන්ද මධ්‍යස්ථාන ජාලය භාවිත කිරීමට ඇති හැකියාව දෙස අවධානය යොමු කර තිබේ. නමුත් සංවර්ධනය වෙමින් පවතින ඇතැම් රටවලට එය අභියෝගයක් විය හැක.

ඉලක්කගත කණ්ඩායම් ප්‍රතිශක්තීකරණය කිරීම සඳහා නිසි පුහුණුවක් සහිත සෞඛ්‍ය සේවකයන් ඇතුළුව ශක්තිමත් සෞඛ්‍ය සේවාවක් තිබීමේ වැදගත්කම ආචාර්ය වෙලර් පෙන්වා දෙයි.

යම් ආකාරයක එන්නතක් සොයා ගැනීමට හැකි වනු ඇතැයි යන්න සියලුම විද්‍යාඥයන්ගේ බලාපොරොත්තුවයි. නමුත් බිලියන ගණනකට අවශ්‍ය තරම් එන්නත් ලබා දීම සඳහා කළ යුතු වැඩකොටස පිළිබඳ සිතන විට නොනිදා රැය පහන් වන බව ඉන් බොහෝ දෙනෙක් පවසති.

ගෝලීය සබඳතා පිළිබඳ වාර්තාකාරිනිය නඕමි ග්‍රිම්ලි විසින් සකසන ලද වාර්තාවක් ඇසුරෙනි.

මේ ගැනත් කියවන්න: