ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්‍රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
කොරෝනා වෛරස: ආර්ථික අවපාතය යනු කුමක්ද?
ආර්ථික අවපාතය යනු කුමක්ද?
සාමාන්‍ය කාලවලදී රටක ආර්ථිකය වර්ධනය වීමක් සිදු වේ.
රටක පුරවැසියන් සාමාන්‍යයෙන් නිපදවන භාණ්ඩ හා සේවාවල වටිනාකම වැඩි වන විට තරමට එම රට ධනවත් වේ.
නමුත් සමහර අවස්ථාවල නිපදවන භාණ්ඩ හා සේවාවල වටිනාකම පහත වැටීමක් දැකගත හැකිය.
ආර්ථික අවපාතයක් යැයි සාමාන්‍යයෙන් අර්ථ දැක්වෙන්නේ එම තත්වය මාස තුනක කාලයක් හෝ කාර්තු දෙකක කාලයක් තුළ එක දිගට සිදුවන විට ය.
ආර්ථික අවපාතය දීර්ඝ කාලයක් තිස්සේ පැවතුනහොත් එය බරපතල තත්වයක් දක්වා වර්ධනය වේ.
ආර්ථික අවපාතයක් තිබේ නම් එය දැනගැනීම වැදගත් වන්නේ ඇයි?
බොහෝ දෙනාට ආර්ථික වර්ධනය යනු යහපත් දෙයකි.
එයින් අදහස් වන්නේ වැඩි රැකියා අවස්ථා විවෘත වී ඇති බවය. මෙම තත්වය යටතේ සමාගම් වඩාත් ලාභදායී වන අතර සේවකයින්ට සහ කොටස් හිමියන්ට වැඩි මුදලක් ගෙවිය හැකිය.
වර්ධනය වන ආර්ථිකයක් යටතේ රජයට වැඩි බදු මුදලක් ලැබේ. එබැවින් බදු කපා හැරීම, ප්‍රතිලාභ ලබා දීමට මෙන්ම රාජ්‍ය සේවා සහ රජයේ සේවකයින්ගේ වැටුප් සඳහා වැඩි මුදලක් වැය කිරීමට රජයට හැකියාව ලැබේ.
ආර්ථිකය කඩා වැටීමකට ලක් වන විට මේ සියල්ල ආපස්සට යන තත්වයක් දැකිය හැකිය.
ලොව පුරා දැඩි ආර්ථික අවපාතයක්
දශක ගණනාවකට පසු මෙම වසරේ දී ලොව පුරා රටවල ආර්ථිකය වේගයෙන් පසුබෑමකට ලක් වී ඇත. ගෝලීය ආර්ථිකය මෙම වසරේදී 3% කින් පසුබෑමකට ලක් වනු ඇතැයි ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) පවසයි.
1930 වර්ෂවල සිදු වූ දැඩි ආර්ථික අවපාතයෙන් පසු ඇති වූ දරුණුතම අවස්ථාව මෙය බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විග්‍රහය වේ.
කොරෝනාවෛරස වසංගතය ලෝකය "වෙන කවරදාකටත් වඩා අර්බුදයකට" ඇද දමා ඇති බව ද ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පවසයි.
දීර්ඝකාලීන වසංගත තත්වයත් සමග අර්බුදය පාලනය කිරීමට රජයන් සහ මහ බැංකුවලට ඇති හැකියාව පරීක්ෂා කර බැලෙනු ඇති බව ද ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සඳහන් කරයි.
ඉදිරි දෙවසර තුළ මෙම අර්බුදය හේතුවෙන් ගෝලීය දළ දේශීය නිෂ්පාදනයෙන් ඩොලර් ට්‍රිලියන 9ක් අහිමි විය හැකි බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙහි ප්‍රධානී ආර්ථික විද්‍යාඥ ගීතා ගෝපිනාත් පැවසුවාය.
'දැඩි සීමා කිරීම්'
එක්සත් රාජධානිය, ජර්මනිය, ජපානය සහ එක්සත් ජනපදය වැනි රටවල "වේගවත් හා සැලකිය යුතු" ප්‍රතිචාරය පැසසුමට ලක් කරන අතරම, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල කියා සිටියේ කිසිදු රටක් මෙම ආර්ථික පසුබෑමෙන් ගැලවෙන්නේ නොමැති බවය.
2020 දෙවන භාගයේදී වසංගතය අවප්‍රමාණ වුවහොත් ගෝලීය ආර්ථික වර්ධන වේගය ලබන වසර වන විට 5.8% දක්වා ඉහළ යනු ඇතැයි අපේක්ෂා කෙරේ.
"මේ කම්පනයේ කාලසීමාව සහ තීව්‍රතාවය පිළිබඳ දැඩි අවිනිශ්චිතතාව, සීමා කිරීම් හමුවේ ප්‍රතිපත්ති සම්පාදකයින් භයානක යථාර්ථයකට මුහුණ දෙමින් සිටිනවා," ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙහි ප්‍රධාන ආර්ථික විද්‍යාඥවරිය, ගීතා ගෝපිනාත් පැවසුවාය.
"2021 වසරේ දී අර්ධ ලෙස ප්‍රකෘති ස්වභාවයට පැමිණීම අපේක්ෂා කරනවා. නමුත් දළ දේශීය නිෂ්පාදිතයේ මට්ටම පූර්ව කොරෝනාවෛරස් සමයට වඩා පහළ මට්ටමක පවතින අතර, එහි ශක්තිමත් බව පිළිබඳ අවිනිශ්චිත බවක් පවතියි," ගීතා ගෝපිනාත් සඳහන් කළාය.
"ආර්ථික වර්ධනය වඩාත් නරක අතට හැරෙන්න බොහෝ ඉඩ තිබෙනවා."
ගෝලීය වේදනාව
1930 දැඩි ආර්ථික අවපාතයෙන් දශක ගණනාවකට පසු ප්‍රථම වතාවට දියුණු හා සංවර්ධනය වෙමින් පවතින ආර්ථික නැවත අවපාතයකට ඇද වැටෙනු ඇතැයි ගීතා ගෝපිනාත් පැවසුවාය.
දියුණු ආර්ථිකයන්හි වර්ධනය අවම වශයෙන් 2022 වසර වන තෙක් හෝ නැවත පූර්ව කොරෝනාවෛරස් සමයේ තිබූ තත්වයට නොපැමිණිය හැකි බවට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල අනතුරු අඟවා ඇත.
1946න් පසු විශාලතම වාර්ෂික ආර්ථික පසුබෑම වාර්තා කරමින් එක්සත් ජනපද ආර්ථිකය මේ වසරේදී 5.9% කින් පහත වැටෙනු ඇතැයි අපේක්ෂා කෙරේ. එක්සත් ජනපදයේ විරැකියාව ද මෙම වසරේ දී 10.4% දක්වා ඉහළ යනු ඇත.
2021 දී අර්ධ වශයෙන් ප්‍රකෘති තත්වයට හැරෙනු ඇතැයි අපේක්ෂා කරන අතර එක්සත් ජනපදයේ අපේක්ෂිත ආර්ථික වර්ධනය 4.7% කි.
චීන ආර්ථිකය මෙම වසරේදී 1.2% කින් පුළුල් වනු ඇතැයි අපේක්ෂා කරන අතර එය 1976 න් පසු වාර්තා වූ මන්දගාමීම වර්ධනයයි. ඔස්ට්‍රේලියාව ද 1991න් පසු පළමු වතාවට ආර්ථික අවපාතයකට ගොදුරු වනු ඇතැයි අපේක්ෂා කෙරේ.
"වඩාත් නරක ප්‍රතිඵල ලැබීමේ දැඩි අවදානමක් තිබෙනවා," ජාත්‍යන්තර මූල්‍ය අරමුදල අනතුරු අඟවා තිබේ.
වසංගතය පාලනය කිරීමට වැඩි කාලයක් ගත වී 2021 දී දෙවෙනි රැල්ලක් ඇති වුවහොත් මෙය ගෝලීය දළ දේශීය නිෂ්පාදිතයේ තවත් 8%ටද බලපෑම් එල්ල කරනු ඇති බව ද ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පවසයි.
එම ආයතනය වැඩිදුරටත් පවසන්නේ, මෙම තත්ත්වය හමුවේ විශාල ලෙස ණයගැති ආර්ථිකයන් තවදුරටත් පහතට වැටීමක් සිදු වනු ඇති බවය.
මෙවැනි සමහර රටවලට ණය දීමට ආයෝජකයින් අකමැති විය හැකි අතර, එමඟින් ණය ගැනීමේ පිරිවැය ඉහළ යනු ඇත.
"ස්වාධීන ණය ගැනීමේ පිරිවැය වැඩිවීම හෝ එය ක්‍රියාවට නැංවීමට ඇති බිය නිසා බොහෝ රටවල් ආදායම්වලට සහාය ලබා දීමෙන් වැළකෙන්න පුළුවන්," යැයි ජාත්‍යන්තර මූල්‍ය අරමුදල තවදුරටත් පැවසීය.
ආර්ථික වෛද්‍ය විද්‍යාව
කොරෝනාවෛරසය හේතුවෙන් දිගුකාලීන වසා දැමීම් ආර්ථික ක්‍රියාකාරකම්වලට බාධාවක් වන අතර, නිරෝධායන සහ සමාජ දුරස්ථ පියවර ද බලපෑම් එල්ල කරන බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පැවසීය.
"වෛරසය පැතිරීම මන්දගාමී කිරීමටත්, සෞඛ්‍ය සේවා පද්ධති සමඟ කටයුතු කිරීමටත්, වඩා ශක්තිමත් ආර්ථික ක්‍රියාකාරකම් නැවත ආරම්භ කිරීම සඳහා මග පෑදීමටත් මෙවැනි පියවර අනුගමනය කිරීම අත්‍යවශ්‍ය වෙනවා."
"සමාජ දුරස්ථබාවය අනුගමනය නොකර වෛරසය විශාල වශයෙන් ව්‍යාප්ත වන වාතාවරණයක ඇතිවන අවිනිශ්චිතතාවය සහ සේවා සඳහා ඇති ඉල්ලුම අඩු වීම ආර්ථිකයට මීට වඩා දරුණු බලපෑම් එල්ල කරන්න පුළුවන්."
වසංගතය සමඟ කටයුතු කිරීම සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ප්‍රමුඛතා හතරක් ඉදිරිපත් කර ඇත.
සෞඛ්‍ය සේවා පද්ධති සඳහා වැඩි මුදලක්, සේවකයන්ට සහ ව්‍යාපාර සඳහා මූල්‍ය ආධාර, අඛණ්ඩ මහ බැංකු සහාය සහ ප්‍රකෘති තත්වයට පත්වීම සඳහා පැහැදිලි සැලැස්මක් එම ප්‍රමුඛතා හතරට අයත් වේ.
ප්‍රතිකාර සහ එන්නතක් සොයා ගැනීමට හා බෙදා හැරීමට එක් වී ක්‍රියා කරන ලෙස ජාත්‍යන්තර මූල්‍ය අරමුද ලෝකයෙන් ඉල්ලා සිටියි.
සංවර්ධනය වෙමින් පවතින බොහෝ රටවලට ඉදිරි මාස සහ වසරවලදී ණය සහන අවශ්‍ය වනු ඇතැයි ද ජාත්‍යන්තර මූල්‍ය අරමුදල තවදුරටත් පැවසීය.
මේ තොරතුරුද කියවන්න:
- කොරෝනා වෛරසය නිසා දුෂ්කර අඩියකට වැටුණු විදෙස්ගත ශ්‍රමිකයන් සහ ඔවුන්ගේ පවුල්
- කොරෝනා වෛරසය: කෝටි පනහක් පුද්ගලයන් දරිද්‍රතාවයට ඇද වැටීමේ ඉඩ කඩ
- ''කොරෝනාවට පෙර බඩගින්නේ මැරෙයි ද?'' දුප්පතුන්ගේ ලෝකයෙන් ඇසෙන කතාවක්
- ශ්‍රී ලංකාව ඇතුළු දකුණු ආසියානු රටවල ආර්ථිකය ගැන අනතුරු ඇඟවීමක්
- කොරෝනා වෛරස් දෙවන රැල්ලක් අත ළඟද?