කොරෝනා වෛරසය: දකුණු කොරියාව දෙවන රැල්ලක් සනාථ කරයි

ඡායාරූප මූලාශ්‍රය, Getty Images
සාපේක්ෂව අඩු රෝගීන් සංඛ්‍යාවක් වාර්තා වුවද කොරෝනාවෛරසයේ දෙවන රැල්ල රට පුරා පැතිරී යමින් තිබෙන බව දකුණු කොරියානු සෞඛ්‍ය නිලධාරීහු විශ්වාස කරති.
දකුණු කොරියාව කොවිඩ් -19 සාර්ථකව පාලනය කළ රටක් ලෙස මුලින් හැඳින්වූව ද වර්තමාන තත්ත්වය අනුව මෙම වසංගතය මාස ගණනාවක් තිස්සේ පවතිනු ඇතැයි අපේක්ෂා කෙරේ.
කොවිඩ්-19 වසංගතයේ පළමු රැල්ල අප්‍රේල් මාසය දක්වා පැවති බව දකුණු කොරියාවේ රෝග මර්ධන මධ්‍යස්ථානයේ (KCDC) ප්‍රධානී ජුං එවුන් කියෝන්ග් පැවසීය.
එහෙත් සෝල් අගනුවර රාත්‍රී සමාජශාලා ඇතුළු විවිධ ස්ථානවල රෝගය පැතිරී යාම මැයි මාසයේ සිට නැවත ඉහළ ගොස් තිබේ.
එම කාලය තුළ දිනකට වාර්තා වූ ආසාදිතයින් ප්‍රමාණය දහසකට ආසන්න පිරිසක සිට කිසිදු රෝගියෙකු වාර්තා නොවීම දක්වා පහළ වැටුණි.
කෙසේ වුවත් කාර්යාලවලින් සහ විශාල ගබඩාවලින් පසුගිය පැය 24 තුළ නව ආසාදිතයන් 17 ක් වාර්තා වී ඇති බව නිලධාරීහු සඳුදා (ජුනි 22) පැවසූහ.
ඒ අනුව වෛරසයේ දෙවෙනි රැල්ල හටගෙන ඇතැයි නිගමනය කිරීමට සිදුවන බව ද වෛද්‍ය කියෝන්ග් පැවසීය.
KCDC ආයතනය මෙතෙක් සඳහන් කළේ පළමු රැල්ල තවමත් අවසාන නොවූ බවය.
වෛරසය පැතිර යන සමාජ පොකුරු කිහිපයක් හමුවීමෙන් අනතුරුව, කෞතුකාගාර සහ පුස්තකාල වැනි පොදු ස්ථානවල රැස්වීම් තහනම් කරන බව සෝල් අගනුවරට දකුණින් පිහිටි ඩෙජියොන් නගරයේ බලධාරීහු සඳුදා නිවේදනය කළහ.
යළිත් වරක් බොහෝ සීමා පැනවීමට සිදුවිය හැකි බවට අගනුවර නගරාධිපතිවරයා ද අනතුරු ඇඟවීය.
රට තුළ සම්පූර්ණයෙන්ම ලොක්ඩවුන් නීති පනවනු වෙනුවට හැකි තරම් පුද්ගලයින් පරීක්ෂා කොට කොරෝනාවෛරස් රෝගීන් ඇසුරු කළ පුද්ගල් සොයා යන අතරම ස්වේච්ඡාවෙන් සමාජ දුරස්ථභාවය තබාගැනීමේ වැඩපිළිවෙලක් දකුණු කොරියාව අනුගමනය කළේය.
ජනවාරි 20 වනි දින රට තුළ පළමු කොවිඩ්-19 රෝගියා වාර්තාවීමෙන් අනතුරුව 280 දෙනෙකු රෝගය හේතුවෙන් මියගොස් තිබෙන අතර, රෝගීන් 12,000 කට වැඩි පිරිසක් වාර්තා වී තිබේ.


නිවසේ සිට රෝග පරීක්ෂාව
මේ අතර සිය නිවසේ හෝ රැකියා ස්ථානයේ සිට කොරෝනා වෛරසය ආසාදනය වී ඇද්දැයි පරීක්ෂා කිරීමේ නව වැඩ පිළිවෙලක් එක්සත් රාජධානියෙහි අත්හදා බලනු ලැබෙමින් පවතී.
එම වැඩ පිළිවෙල අනුව සිදු කෙරෙන්නේ පුද්ගලයකු රැඳී සිටින ස්ථානයේදී කෙල ස්වල්පයක් භාජනයකට එකතු කරනු ලැබීමෙන් පසුව එය විද්‍යාඥයන් විසින් පරීක්ෂා කරනු ලැබීමයි.
එක්සත් රාජධානියේ මහජන සායනවල 14,000 කට අධික වෛද්‍යවරුන් සහ හෙද සේවයේ ප්රමුඛ ක්‍රියාධරයන් මෙම වැඩ පිළිවෙලට හවුල් වෙති.
සවුත්ඇම්ප්ටන් සරසවියේ නායකත්වයෙන් එම පරීක්ෂණ වැඩ පිළිවෙල සති හතරක කාලයක් ක්‍රියාත්මක කරනු ලැබීමට නියමිතය.
ශ්‍රාවය ලබා ගැනීම සඳහා පුළුන් වලින් තැනූ උපකරණයක් නාසයට හෝ උගුරට යැවීමේ පරීක්ෂණයට වඩා මෙය පහසු බැවින්, මෙම කෙල පරීක්ෂණ වැඩ පිළිවෙල මහජනයාට පහසුවක් වනු ඇතැයි විද්‍යාඥයෝ බලාපොරොත්තු පළ කරති.








