ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්‍රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
ඉන්දීය සහ චීන සෙබළුන් අතර සිකිම් දේශසීමාවේ දී 'ගැටුමක්'
දේශ සීමාවේ ඇති වූ ගැටුමකදී ඉන්දීය සහ චීන සෙබළුන් පිරිසක් එකිනෙකාට අතින්, පයින් පහර දී ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.
මායිම් ප්‍රාන්තයක් වන සිකිම්හි නාකු ලා ප්‍රදේශයේ දී මෙම ගැටුම සිදුව ඇති අතර, එහිදී චීන ජාතික සෙබළුන් හත් දෙනෙකු සහ ඉන්දීය හමුදා භටයන් සිව් දෙනෙකු තුවාල ලබා ඇති බව හමුදා නිලධාරියෙක් පැවසීය.
ප්‍රාදේශීය අණදෙන නිලධාරීන් මැදිහත් වී සෙනසුරාදා (මාර්තු 9) සිදු වූ මෙම ආරවුල විසඳා තිබේ.
දෙරට අතර කිලෝමීටර් 3,400 ක දේශ සීමාව සම්බන්ධයෙන් දෙපාර්ශවය පරස්පර අයිතිවාසිකම් ඉදිරිපත් කරති.
පපුවට ගැසීම්, තල්ලු කිරීම්, සෙලවීම් සහ එකිනෙකාට ගල් ගැසීම් වැනි දේ දේශ සීමා ආරක්ෂක සෙබළුන් අතර ඇතැම් අවස්ථාවල දී සිදුවන බව දකුණු ආසියානු කටයුතු භාර බීබීසී සංස්කාරක අන්බරසන් එතිරාජන් වාර්තා කරයි.
මේ අලුත්ම ගැටුම වාර්තා වූයේ හිමාලය කඳුකර ප්‍රදේශයේ පිහිටි මුහුදු මට්ටමේ සිට මීටර් 5,000 (අඩි 16,400) ට වඩා වැඩි සිකිම්හි නාකු ලා අංශය අසල ස්ථානයක දී ය.
චීනය සහ ඉන්දියාව අතර 1962 දී දේශ සීමාව සම්බන්ධයෙන් යුද්ධයක් හට ගැණින.
මතභේදයට තුඩු දී ඇති මෙම සානුව හරහා මායිම් මාර්ගය දිගු කිරීමට චීනය උත්සාහ කිරීමත් සමග 2017 දීත් දෙරට අතර ගැටුම් ඇති විය.
දෙරට අතර බොහෝ විට මුර සංචාර යොදවනු ලැබුවද, පසුගිය දශක හතර තුළ දේශ සීමාව පුරා එක් වෙඩි උණ්ඩයක් හෝ එල්ල වූ බවක් වාර්තා වී නොමැත.
කියවන්න: