නත්තල් 2019: ලොව පුරා නත්තල් සැමරුම්වල ඡායාරූප එකතුවක්

ඔස්ට්‍රේලියාවේ සිට එක්සත් ජනපදය දක්වා ලොව පුරා කිතුනු බැතිමතුන් නත්තල වෙනුවෙන් විවිධ උත්සව මෙන්ම දේවමෙහෙයවල නිරත වී සිටිති. රටවල් කිහිපයක නත්තල් සැමරුම් කැමරා කාචයේ මෙසේ සටහන් වී තිබිණි.

කොළඹ, ශ්‍රී ලංකාව

Christmas 2019

ඡායාරූප මූලාශ්‍රය, EPA

සුරංගනාවියන් ලෙස සැරසී කොච්චිකඩේ ශාන්ත අන්තෝනි දේවස්ථානයේ පැවති නත්තල් දේවමෙහෙයට සහභාගී වූ දැරියන් පිරිසකි. පාස්කු ඉරිදා දින පළමු මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරය එල්ල වූයේ කොච්චිකඩේ ශාන්ත අන්තෝනි දේවස්ථානයට වන අතර, එහි දී පුද්ගලයන් 54 දෙනෙක් මිය ගියහ. මීට අමතරව, මීගමුව කටුවපිටිය හා මඩකලපුවේ දේවස්ථාන දෙකක් මෙන්ම කොළඹ පිහිටි ප්‍රධාන පෙළේ සංචාරක හෝටල් තුනක් ද ඉලක්ක කර එල්ල වූ මරාගෙන මැරෙන ප්‍රහාරවලින් පුද්ගලයන් 300කට අධික පිරිසක් මිය ගියහ.

අබුඩාබි, එක්සත් අරාබි එමීර් රාජ්‍යය

Christmas 2019

ඡායාරූප මූලාශ්‍රය, EPA

ශාන්ත ජෝසෆ් දේවස්ථානයේ ඉටි පන්දමක් දල්වන බැතිමතෙකි. එක්සත් අරාබි එමීර් රාජ්‍යය තුළ කතෝලිකයන් විශාල පිරිසක් සිටින අතර, ඉන් 5%ට වැඩි පිරිසක් පිලිපීන ජාතිකයෝ වෙති.

හැනෝයි, වියට්නාමය

Christmas 2019

ඡායාරූප මූලාශ්‍රය, AFP

වියට්නාම අගනුවර පිහිටි 19 වෙනි සියවසට අයත් ශාන්ත ජෝසෆ් දේවස්ථානය ඉදිරිපිට සෙල්ෆි ඡායාරූපයක් ගන්නා කාන්තාවකි.

පැරිස්, ප්‍රංශය

Christmas 2019

ඡායාරූප මූලාශ්‍රය, EPA

ෆිලිපේ මාසෙට් රදගුරු හිමියන් ශාන්ත Germain l'Auxerrois දේවස්ථානයේ නත්තල් දේවමෙහෙය පවත්වන අවස්ථාව. පැරිස් නගරයේ සංකේතයක් ලෙස සැලකෙන මධ්‍යතන යුගයට අයත් නොට්‍ර ඩාම් ඓතිහාසික දේවස්ථානයේ වසර දෙසීයකට වැඩි කලකට පසු ප්‍රථම වතාවට නත්තල් දේවමෙහෙය නොපැවිත්විණි. 2019 අප්‍රේල් මස එම දේවස්ථානයේ විශාල කොටසක් ගිනි ගෙන විනාශ විය.

නයිරෝබි, කෙන්යා

Christmas 2019

ඡායාරූප මූලාශ්‍රය, Reuters

කෙන්යානු අගනුවර 'ෆෝට් ජීසස්' ප්‍රදේශයේ පැවති නත්තල් දේවමෙහෙය.

බෙත්ලෙහෙම්, පලස්තීන බලප්‍රදේශ

Christmas 2019

ඡායාරූප මූලාශ්‍රය, EPA

බයිබලයේ සඳහන් වන පරිදි යේසුස් ක්‍රිස්තුන් වහන්සේ උපන් ස්ථානය ලෙස සැලකෙන බටහිර ඉවුරේ ඇති මේ නගරයේ පැවැත්වුණ නත්තල් දේවමෙහෙය.

වතිකාන නගරය

Christmas 2019

ඡායාරූප මූලාශ්‍රය, AFP

"අපි අතර සිටින නරකම පුද්ගලයන්ටත් දෙවියන් ආදරෙයි," සිය හත්වෙනි නත්තල් දේවමෙහෙය පවත්වමින් ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේ පැවසීය. සභාව තුළ සිදුවූ අපකීර්තිමත් සිදුවීම් අදාළ කරගෙන පාප් වහන්සේ එසේ පැවසූ ලෙස අර්ථ දැක්වීමට ඉඩ ඇත.

සිඩ්නි, ඔස්ට්‍රේලියා

Christmas 2019

ඡායාරූප මූලාශ්‍රය, EPA

ඔස්ට්‍රේලියාවේ බොහෝ ප්‍රදේශවල දරුණු ලැව්ගිනි පැතිරී යෑම හේතුවෙන් බොහෝ දෙනෙකු පීඩාවට පත් වී සිටින අවස්ථාවක එරට අගමැති ස්කොට් මොරිසන් හවායි දූපත්වල නිවාඩුවක් ගත කිරීමට යෑම විවේචනය කරමින් පින්තාරු කර තිබූ චිත්‍රයකි.

සියලු ඡායාරූපවල හිමිකම් ඇවිරිණි

මේ තොරතුරු ද කියවන්න: